ඇවිදීමෙන් ලැබෙන හිතාගන්නවත් බැරි දේවල්

“අපෝ මෙයාගේ වැඩේම ඇවිදින එක.කකුල් රිදෙන්නේ නැද්ද දන්නේ නැහැ.මට නම් ඔය විදිහට ඇවිදින්න බැහැ.මම නම් කොහේ ගියත් යන්නේ Car එකක් අරගෙන ”. ඔය විදිහට කවුරුහරි කියනවා ඇහිලා තියෙනවද ? ඒ කොහොම වුණත් ඇවිදින එක ගොඩක් අයට අපහසුයි. හැබැයි ඇවිදින එකෙන් ලැබෙන දේවල් නම් පහසුවෙන් ලබාගන්න බැහැ. ඔබ දැනගන්න කැමති ඇතිනේ මොනවද ඇවිද්දොත් ලැබෙන්නේ කියලා.

හෘදයාබාධ ඇති වීම පාලනය

හෘදයාබාධ කියන්නේ මේ වෙනකොට ලෝකයේ බොහෝ පිරිසක් පීඩා විඳින සහ මරණයට පත් වෙන රෝගයක්. ඉතින් පුරුද්දක් විදිහට කෙනෙක් ඇවිදිනවා නම් අධික රුධිර පීඩනය සහ කොලොස්ටරෝල් මට්ටම පාලනය කරනවා. ඒ නිසා ඒ අයට හදිසි හෘදයාබාධ ඇතිවීම වැළකෙනවා.

මානසික සෞඛ්‍යය ඉහල යාම

ඇවිදීම කියන්නේ අපේ මනසට සහනයක් ගෙන දෙන ගොඩක් හොඳ අභ්‍යාසයක්. අපි ඇවිදිනකොට ශරීරයේ තියෙන Endorphin හෝමෝනය උත්තේජනය වෙනවා. අන්න ඒ නිසා මානසික රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා වගේම මානසික සෞඛ්‍ය ඉහළ යාම සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි නිතරම හිතන්නේ negative විදිහටනේ. හැබැයි ඔබ දිඟටම ඇවිද්දොත් මනස නිරවුල් වෙලා positive විදිහට හිතන්න මනස නිර්මාණය වෙනවා

ලෙඩ රෝග ඇතිවීම පාලනය කරනවා

ඇවිදිනකොට අපේ සිරුරේ තියෙන ඔක්සිජන් මට්ටම ඉහල යාම සිදු වෙනවා. ඒ නිසා පෙනහළු වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ඉහලා යාම නිසා ඒවා නිරෝගී වෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොන්දේ කැක්කුම කියන්නේ. ඉතින් ඔබ නිතරම ඇවිදින කෙනෙක් නම් කොන්ද ආශ්‍රිත ආබාධ ඇති වීම පාලනය කර කශේරුකාවේ නම්‍යතාවය වැඩි කරනවා

ශක්තිමත් වීම

මස් පිඬු සහ අස්ථි ශක්තිමත් කිරීමට ඇවිදීමෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම මස් පිඬු වල තියෙන මේදය ඉවත් කර අධික තරබාරුව නැති කරනවා. ඒ නිසා තමයි වෛද්‍යවරුන් ගොඩක් තරබාරු අයට දිනපතා විනාඩි කිහිපයක් ඇවිදීමට නිර්දේශ කරලා තියෙන්නේ.

දෙපා වල රෝගයන් සුව කර ගැනීමට

තරබාරු පුද්ගලයන්ගේ, මැදිවියේ අයගේ දෙපා ඉදිමීම , නහර ගැට ගැසීම සහ ආතරයිටිස් වැනි තත්වයන් ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්.ඉතින් පුරුද්දක් ලෙස ඇවිදීමේ ව්‍යායාමය සිදු කරන පුද්ගලයන් තුල මේ වගේ තත්වයන් දක්නට ඇත්තේ ඉතාමත් අඩුවෙන්.

පියයුරු පිළිකා අවදානම අඩුවීම

පර්යේෂකයින් සොයාගෙන තියෙන ආකාරයට මොනම ආකාරයක හෝ ඇඟ වෙහෙසවන වැඩ වල නිරත වෙන අයට පියයුරු පිළිකා හැදෙන අවදානම අඩුයි. සතියට පැය 7කට වඩා ඇවිදින අයට පියයුරු පිළිකා අවදානම එසේ නොවන අයට වඩා 14%කින් අඩුවන බව ඇමරිකානු පිළිකා සංගමය සොයාගෙන තියෙනවා. මෙලෙස පියයුරු පිළිකා අවදානම අඩු වෙනවා සේම ඇවිදින එකෙන් කාන්තාවන්ට අධි බර වීම නිසා ඇතිවෙන බෝ නොවන රෝග වලිනුත් සහනයක් ලැබෙනවා.

සීනි අඩුවීම

විනාඩි 15ක් ඇවිදින ගමන් චොකලට් කෑම මානසික පීඩනය තියෙන වෙලාවක චොකලට් කෑමට වඩා සිරුරට හිතකරයි. ඒ කියන්නේ චොකලට් වල තියෙන අහිතකර සීනි හොඳින් සිරුරට එකතු වන්නට මේ ඇවිදීම වැදගත් වෙනවා. මේ පර්යේෂණය අනුව චොකලට් වලට පමණක් නෙමෙයි, අනෙකුත් පැණිරස කෑම ජාති ආහාරයට ගන්නකොටත් ඇවිදීම මගින් අනවශ්‍ය සීනි ඇතිවීම පාලනය කරගන්න පුළුවන් බව එංගලන්තයේ එක්සිටර් සරසවියේ පර්යේෂණ වලින් අනාවරණය වුණා.

නිර්මාණශීලී හැකියාව වැඩිදියුණු වීම

මිනිස්සුන්ට වැඩිපුර නිර්මාණශීලී අදහස් එන්නේ හාන්සිවෙලා, ඇඳට වෙලා කෝපි එකක් බොනකොට කියලා පිරිසක් හිතනවා. ඒත් ඒක වැරදියි. දැනට කර ඇති පරීක්ෂණ අනුව අපි වාඩිවෙලා හෝ නිදාගෙන ඉද්දීට වඩා ඇවිදිනකොට, විශේෂයෙන් එළියේ අවිදිනකොට අපිට අලුත් අලුත් දේවල් කල්පනාවට එනවා. මෙය තවත් එක අදහසක් පමණක් නෙමෙයි, පර්යේෂණාත්මකව සනාථ කරපු දෙයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!