රසට කාලා බර අඩු කරගන්න අලුත් විදිය

ශරීරයේ බර වැඩි වෙන එක ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හැමෝගෙම තියන කාර්යබහුල ජිවන රටාව නිසා වැරදි ආහාර පුරුදු වලට හුරු වීම මේකට ප්‍රධානම හේතුවක්. ඒ වගේම තමයි ව්‍යායාම කරන්නත් වෙලාවක් නැහැනේ. ගොඩක් අය ආහාර පාලනය කරලා බර අඩු කරගන්න හිතුවත් හැමදාම රස නැති ආහාර එක දිගට ගැනීමෙන් ඔබට එය අප්‍රිය වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසාම Share Care හිතුවා රසට කාලා බර අඩු කරගන්න විදිය ඔබට කියන්න .

1.ඕට්ස් සමඟ පීනට් බටර්

  • ඕට්ස්
    ඕට්ස් පෝෂණයෙන් අනූන ධාන්‍ය වර්ගයක්. සීනි රහිත, විටමින්, මිනරල්, ප්‍රතිඔක්සිකාරක සහ කෙඳි බහුල ධාන්‍ය වර්ගයක් විදියට හදුන්වන්නත් පුළුවන් .ඕට්ස් සිරුරේ කොලොස්ටරෝල් මට්ටම පහත දමා ගැනීමටත්, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කර ගැනීමටත් උදව් වෙනවා. ඕට්ස් සිරුරට හිතකර බැක්ටීරියා වර්ධනය කරන අතර කුසගිනි නැති කරනවා.
  • පීනට් බටර්
    පීනට් බටර් සකසන්නේ රටකජු වලින්. මෙය ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා ඉතා සුදුසු ක්‍රමයක්. පී නට් බටර් වල 25%ක්ම අඩංගු වන්නේ ප්‍රෝටීන්. ඒ වගේම එහි සිරුරට හිතකර මේද අඩංගු වන අතර, කාබෝහයිඩ්රේට් අඩංගු වන්නේ ඉතා සුළු ප්‍රමණයක්.
    ඕට්ස් සහ පීනට් බටර් දෙවන මට්ටමේ දියවැඩියා රෝගියෙක්ටත් වඩාත් සුදුසුයි.

2.කැරට් සමග පීනට් බටර්

ඒ වගේම ඔබට පුළුවන් කරත සමගත් පීනට් බටර් කෑමට එකතු කරගන්න .
කැරට් වල පිෂ්ඨය අඩංගු වන්නේ 10%කටත් අඩු ප්‍රමාණයක්. එහි තන්තු බහුලව අඩංගුයි. සීනි අඩංගු වුවත් ඒ සුළු ප්‍රමාණයක් පමණයි. ඒ වගේම විටමින් A, විටමින් B, විටමින් K, පොටෑසියම් සහ බීටා කැරොටින් වලින් පොහොසත්.

3.නිවිති, ඇපල් සහ ඉඟුරු

  • නිවිති
    නිවිති වල අඩංගු කාබෝහයිඩ්රේට් ප්‍රමාණය ඉතා අඩුයි. එහි දිය නොවන තන්තු බහුල වන අතර කැරොටිනෝඩයිඩ්, විටමින් C, විටමින් K, ෆෝලික් අම්ලය, යකඩ හා කැල්සියම් සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගුයි. නිවිති වල ඉහළ නයිට්රේට් ප්‍රමාණයක් අඩංගු වන අතර, එමඟින් රුධිර පීඩනය නිසි මට්ටමේ තබා ගැනීම සඳහා උදව් වෙනවා.
  • ඇපල්
    ඇපල් වල 85%ක්ම අඩංගු වන්නේ ජලයයි. එහි අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අඩුයි. මේවයේ බහුලයි. සිරුරේ සීනි ප්‍රමාණය පාලනය කිරීමට, හදවතේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කර ගැනීමට, පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීමට සහ මොළයේ නිසි ක්‍රියාකාරිත්වයට ඇපල් උපකාරී වෙනවා.
  • ඉඟුරු
    ඉඟුරු වල ඉහල Gingerol ප්‍රතිශතයක් අඩංගු වෙනවා. මෙය ඉතා ඉහල ප්‍රතිඔක්සිකාරකයක්. කුසයේ ඇති විවිධ රෝගාබාධ සුව කර ගැනීමට ඉඟුරු ඉතා හොඳ ඖෂධයක්.

4.අන්නාසි සමඟ දෙහි යුෂ

  • අන්නාසි
    අන්නාසි වල අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අඩු වන අතර, ජල ප්‍රමාණය වැඩියි. මෙය බර අඩු කර ගැනීම සඳහා ඉතා සුදුසු ආහාර වර්ගයක් වෙනවා. අන්නාසි වල ඉහල තන්තු ප්‍රමාණයක් අඩංගු නිසා ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට වඩාත් සුදුසුයි.
  • දෙහි යුෂ
    දෙහි වල පෝෂණ ගුණ රැසක් අඩංගු වන අතර, සිරුරේ බර සහ ආහාර ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය අඩු කර ගැනීමට උපකාර කරනවා. දෙහි වල අඩංගු සිට්‍රික් ඇසිඩ් සිරුරේ මේද දහනය කිරීමට ක්‍රියා කරනවා. දෙහි වල ඇති ෆ්ලේවොනොයිඩ් ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරනවා.

5.බිත්තර සහ අලිගැටපේර

  • බිත්තර
    බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. එමෙන්ම බිත්තර මඟින් ඉක්මනින් කුස පුරවා ගැනීමේ හැකියාව තිබෙනවා. සිරුරට අවශ්‍ය ශක්තිය සහ ස්ථායිතාවය ලබා දෙන අතර, කුසගිනි නැති කිරීමට සමත් වෙනවා. බිත්තර ආහාරයට ගැනීම මඟින් අඩු කැලරි ප්‍රමාණයකින් ඉහල පෝෂක ගුණයක් ලබා ගැනීමටත්, සිරුරේ බර අඩු කර ගැනීමටත් ඔබට පුළුවන්.
  • අලිගැටපේර
    අලිගැටපේර පෝෂණීය සංඝටක වලින් අනූන වූ පළතුරක්.අලිගැටපේරවල මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී, විටමින් K1, විටමින් B6 හා කාබෝහයිඩ්‍රේට අඩංගු වෙනවා. මළබද්දය, අතීසාරය ,සිරුරේ හට ගන්නා වේදනා, අස්ථි රෝග වැනි රෝගාබාධවලින් ආරක්ෂා කරන්න වගේම ශරීරයේ බර හා ග්ලූකෝස් මට්ටම අඩු කිරීමටත් අලිගැටපේර උපකාරී වෙනවා .

ඔබත් අධික බර නිසා පීඩා විදින කෙනෙක් නම් Share Care කිව්වා ආහාර කෑමට එකතු කරගෙන බලන්නකෝ .ඉතා රසවත් ආහාර වේලක් ඉක්මනින්ම සිරුරේ අනවශ්‍ය බරත් අඩු කරගන්න පුළුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!