රුපියලක් වත් වියදම් නොකර ලස්සන වෙන්න පුළුවන් ක්‍රමයක්

තරුණ පෙනුමැති සමක් ලබාගනීමට බොහෝ දෙනා බොහෝ සත්කාර සිදු කරනවා.නමුත් හිතුමනාපයට සිදු කර ගන්නා ඇතැම් දේ නිසා අවසානයේ ප්‍රතිඵලත් මුදලුත් දෙකම අහිමි වීම තමයි සිදුවෙන්නේ .අද Share Care තුළින් කතා කරන්නේ සතයක්වත් වියදම් නොකර සැබෑවටම සුන්දර තරුණ සමක් ලබාගත හැකි අපූරු ක්‍රමවේදයක් පිළිබඳවයි.

ආසියාතික රටවල පිළිගැනීම

මුහුණ සම්බාහනය කිරීමේ ක්‍රමවේදය උදෙසා අතීතයේ සිටම චීනය ,ජපානය ,ඉන්දියාව වැනි රටවල හොඳ පිළිගැනීමක් තිබෙනවා .නමුත් බටහිර රටවල බොහෝ දෙනා මින් සෙතක් වේද නොවේද යන දෙගිඩියාවෙන් පසුවනවා .එහෙත් මුහුණ සම්බාහනය කිරීම සැබැවින්ම ප්‍රතිඵලදායක බව විද්‍යාත්මක සනාථ කිරීමත් සමඟ බොහෝ යුරෝපීය කාන්තාවන් මෙන්ම පිරිමින් ද එයට නැඹුරු වෙන්න පටන් ගත්තා .
වරක් ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් විසින් වයස අවුරුදු 40ත් 50ත් අතර වයස් සීමා ගත කරන කාන්තාවන් පිරිසක් යොදාගෙන දිනපතා වගේ මුහුණ සම්භානය කළා.ඔවුන්ගේ සම එල්ලා වැටීම සහ රැලි වැටීම හොඳින් අවම වී ඇති බව සති අටකින් පමණ වෛද්‍ය කණ්ඩායමට පැහැදිලි වුණා.එසේම මෙම පරීක්ෂණයට සහභාගි වූ කාන්තාවක් එයට සහභාගී නොවූ කාන්තාවක් සමග සන්සන්දනාත්මකව විමසා බැලීමේදී විමසා බැලීමේදී පැහැදිලි වූයේ අනෙක් කාන්තාවන්ට සාපේක්ෂව පරීක්ෂණය සහභාගි වූ කාන්තාවන්ගේ සමේ කොලජන් උත්තේජනය වී ඇති බවයි .

මුහුණ සම්බාහනයේ ප්‍රතිඵල

අපගේ මුහුණේ මාංශ පේශීන් 50කට වඩා තිබේ .දිනපතා මුහුණ සම්බාහනය කරන්නේ නම් මුළු මුහුණේම මාංශ පේශීන් හොදින් ලිහිල් වී රුධිර සංසරණය ක්‍රමවත් වී සම පැහැපත් වීමට අවශ්‍ය ඔක්සිජන් යහමින් ශරීරයට ලැබේ .
සම්බාහනයෙන් මුහුණේ අස්ථි සහ පටක පවා හොදින් උත්තේජනය වන නිසා කොලජන් තන්තු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උත්තේජනයද සමට ලබා දෙනවා .
මුහුණ සම්බාහනය කිරීම ලබාගත හැකි ප්‍රධානම ප්‍රතිඵලය නම් සම රැලි ඉවත් කර තරුණ සමක් ලබා දීම වුවත් මුහුණේ තදබව වැඩි වීම ,සිදුරු අවම වීම ,මුළු මුහුණම එකම පාටක් ලැබීම වැනි අමතර ප්‍රතිඵල රැසක් ඉන් ලබා ගත හැකි බව සදහන් කළ යුතුය .ඒ වගේම දින කිහිපයක් මූණ සම්බාහනය කළහොත් මුහුණේ තිබෙන මාංශපේශීන් සියල්ල ඉබේම වගේ සුසර වීමක් සිදුවෙනවා. මුහුණ සම්බාහනය කිරීමේ වැදගත්කම පිළිබඳ එංගලන්තය ප්‍රකට චර්ම රෝග වෛද්‍ය එළිමාන් සෙල්ෆ් පවසන්නේ මෙහෙමයි .මුහුණ සම්බාහනය කියන්නේ රුපියලක්වත් වියදම් නොකර ලස්සන වෙන්න පුළුවන් ක්‍රමයක් . සැත්කම් වලට එතකොට රසායනික සංයෝජන අඩංගු සත්කාරවලට එහෙම අකමැති කාන්තාවන් බොහෝමයක් මේ ෆේස් මසාජ් කරනවා. මුහුණේ හැඩය ලස්සන කරගන්න වගේම දවසින් ඇති කර ගන්නත් මුහුණ සම්බාහනය ඉතාම හොඳ ප්‍රතිඵලදායක ක්‍රමයක්.

සම්බාහනය කරන විධිය

  • සම්බාහනය සඳහා සීරම් වර්ගයක් ,ලිෆ්ටින් ආලේපනයක් හෝ මොයිස්චරයිස් එකක් භාවිතා කළ හැකිය
  • සම්බාහනයට පෙර මුහුණ සහ දෑත් හොඳින් පිරිසුදු ගැනීමට අමතක නොකළ යුතුය
  • ප්‍රථමයෙන් ඉහත කිව් ආලේපනයක් මුහුණ ගල්වා ගන්න
  • පසුව කවාකාර ලෙස මුහුණ ඇඟිලි තුඩුවලින් තත්පර තිහක් පමණ පිරිමදින්න.
  • ඇගිලිතුඩු නිකට මත තබන්න
  • පසුව නළල දෙසට ඇඟිලි මෘදුව ගෙන යන්න
  • නැවතත් ඇඟිලි පහළට ගෙන යන්න
  • මෙය වාර කීපයක් සිදු කරන්න
  • ඇහිබැම අතර අවකාශය තත්පර කීපයක් තදින් පීඩනයට ලක් කරන්න .
  • දබර ඇගිල්ල සහ මැද ඇගිල්ල භාවිතා කරමින් කම්මුල් අස්ථිය විනාඩි කීපයක් සියුම් ලෙස තද කරන්න .
  • මුහුණේ සියලුම ප්‍රදේශ ඇඟිලි තුඩුවලින් මෘදු ලෙස තප්පර කීපයක් ස්පර්ශ කරන්න

අවුරුදු 30 න් ඉහළ ඕනෑම කෙනෙක්ට මුහුණ සම්බාහනය කරන්න පුළුවන් .හැබැයි දිනපතාම මේවා කරන එක ගොඩක් වැදගත් වෙනවා .දවසට විනාඩි 5-10ක් වුණත් හොදටම ප්‍රමාණවත් .තව දෙයක් තියෙනවා .මූනේ කුරුලෑ තියන අයට නම් සම්බාහනය සුදුසු නැහැ .මොකද මේකෙන් ඔවුන්ගේ කුරුලෑ වැඩි වෙන්න පුළුවන් .අවශ්‍ය නම් රූපලාවණ්‍ය උපදේශකවරක්ගෙන් මේ ගැන උපදේශ ලබාගන්න පුලුවන් කියන එක මතක් කරන්න ඕන .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!