ජාතියක් නිරෝගී කල උදෑසන ආහාරය

ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්. දවස ප්‍රබෝධමත් කරන, ඊළඟ වේල්වලදී ඕනෑම සැර ආහාරයකට කුස සුදානම් කරවන, බොහෝ රෝග වලට අත් බෙහෙතක්ව ඒවා දුර දිග යන්නට නොදී ජාතියක් නිරෝගිව තබන්නට උදව් වූ දිව්‍ය ඖෂධයක් බඳු ”දියබත් ” වල ඇති විශ්මිත ප්‍ර‍තිලාභ ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වන්නේ.

දිය බත් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය
1.රාත්‍රියේ ඉතිරිවන බත්
2.ලියාගත් රතුළුණු ගෙඩි 5ක්
3.පොල් බෑයක කිරි
4.දෙහි බෑයක ඇඹුල්
5.අමුමිරිස් කරල් දෙකක්
6.ලුණු ස්වල්පයක්

සාදන ආකාරය

  • රාත්‍රියේ ඉතිරිවන බත් යන්තම් වැසෙන්නට පිරිසිඳු ජලය දමා වසා තබන්න.
  • උදෑසනට ජලය උරා ඇති බත හට්ටියෙන් ඉවත් නොකර එයට උකු පොල්කිරි එකතු කරන්න .
  • එයටම සිහින්ව ලියා ගත් රතුළූණු , අමුමිරිස් කරල් , දෙහි යුෂ සහ අවශ්‍ය පමණ ලුණු දමාහොඳින් කලවම් කර ”දිය බත” පිළියෙළ කර ගන්න .

පළාතෙන් පළාතට වෙනස් වෙන දියබත

පළාතෙන් පළාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවන් අපිට දැකගන්න පුළුවන් . කොළඹ එක් කෙරූ අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ බැදගත් හෝ ගින්දරට අල්ලා පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කරණ අතර නුවර මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදුවේ.
රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තේ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර ඇත.
කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රස සහ ගුණ මිස අගුණයක් නැත.

දියබතේ ගුණ

ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩි වෙනවා. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබතතරම් සමත් වෙනත් ඖෂධයක් නැත.
දියබත උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ සරලව විග්‍රහ කර පෙන්විය හැකියි. එනම් විසෙන් විෂ නැසීමයි.
දෙහියුෂ සහ රතුළුණු ආම්ලික ආහාර වලින් අනූන දියබත දිවට වැටුණු වහා මුලින් දැනෙන්නේ ආම්ලික ඇඹුල් රසයි . ඒ නිසා ආමාශය භාශ්මියකරණයට සුදානම්ව අම්ල අඩුකරයි. ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි එකතු වෙයි . එමගින් ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කර බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාර යෙදෙයි.

ආම්ලික බව අඩු කරන දේවල්

ආම්ලික බව අඩු කෙරෙන ආහාර වන දෙහි, රතුළුණු සහ අමුමිරිස් අඩංගු දේවල් ලෙස ,

1.විටමින් සී වල ( ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ.)
2.ලවන සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් )
3.දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බතය.පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩ තුළ ඇති විටමින් වර්ග, ලවන සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයකි.
4.පොල් කිරෙන් දියබතට ලැබෙන රසය සහ භාෂ්මිකතාවයට අමතරව වාසි ලැබේ.

  • කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • අධි ලවන සංයුතිය මානසික ආතතිය, අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම.
  • ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)

දියබත් කෑමෙන් ඇති ප්‍රයෝජන

1.කට හා තොල් පැලීමට ඉතාමත් ගුණදායක ඔසුවකි.
2.ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත රෝගයට ගුණදායකයි.
3.ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
4.මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
5.බඩේ තුවාල වලට ට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

  1. කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
    7.අධි ලවන සංයුතියමානසික ආතතිය, අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
    8.ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම
    9.ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)
    10.ලවන සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්) සැපයීම
  2. විටමින් සී මගින් ශරීරය නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ
  3. විටමින් බී සපයා රුධිරය පෝෂණය කරයි
  4. දියවැඩියා කෙරෙහි ගුණදායකය

මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත බොහෝ පෝෂණීය ගුණ සහිත ශක්ති ජනක ආහාරයකි. දවස පුරා සිරුර නැවුම් බැවින් තබමින් බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට සැරසිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!