අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද?

මාතෘකාව දැකපු ගමන් මේ මොකක්ද කියන්න යන්නේ කියලා හිතුවා නේද ? අද Share Care අරගෙන ආවේ ඔබ හීනෙකින්වත් හිතපු නැති දෙයක් ගැන .අපි හැමෝම ආසන්න වශයෙන් සතියකට බැංකු කාඩ් එකක තියන ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇඟට දාගන්නවා .ATM card එකක අන්තර්ගත වෙලා තියෙන්නේ 5g micro plastic ප්‍රමාණයක් නිසා තමයි අපේ ශරීර ගත වෙන ප්ලාස්ටික් ප්‍රමාණය ATM card එකකට සමාන කරලා තියෙන්නේ .

අංක එකේ පිළිකාකාරක

ඕස්ට්‍රේලියාවේ මෑතක දී කරපු පර්යේෂණයකින් අනාවරණය වූ දත්ත වලට අනුව තමයි මේ දේවල් ඔප්පු වුණේ . නමුත් ලංකාවෙ හැටියට සමහර පුද්ගලයින්ගේ චර්යා අනුව ඒක බැංකු කාඩ් එකේ ඉදාලා පොඩි ප්ලාස්ටික් බේසමක් වගේ වෙන්න වුණත් පුළුවන් . මේ විදිහට ප්ලාස්ටික්‍ අපි ඇඟට දාගන්නෙ plastic micro particles කියන ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර අංශු හැටියට.මේවගෙන් ඇඟට වෙන හානිය සුළුපටු නෑ.මේ ක්ෂුද්‍ර අංශු අංක එකේ පිළිකාකාරකයක් වගේම තාම හොයා නොගත්ත ලෙඩරෝග ගොඩකට plastic micro particles වග කියනව. ඒ වගේම ඇඟේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙන්නත් සෘජුවම මේ දේවල් හේතු වෙනවා .
අපි දැන් බලමු කොහොමද අපේ ඇඟට ප්ලාස්ටික් එන්නෙ, එහෙම නැත්තන් කොහොමද අපි ප්ලාස්ටික් කන්නෙ කියල.

බෝතල් කළ පානිය ජලය

ප්ලාස්ටික් වැඩි ප්‍රමාණයක් අපේ ඇගට එන්නේ වතුර බෝතල් හරහා .ගොඩක් ප්ලාස්ටික් බෝතල් එක පාරක් විතරක් පාවිච්චි කරල විසිකරන්න හදපුවනෙ .ඉතින් ලාබෙ වැඩි කරගන්න ප්‍රමිතිය අඩු ප්ලාස්ටික් තමයි ගන්න වෙන්නෙ.ඒ වගේම බෝතලේ හැදුන ගමන් උණු උණුවෙම ඒකට වතුර පිරවෙනව හුඟක් නිෂ්පාදනාගාර වල.ඊට පස්සෙ මාස ගානක් තිබිල තමයි අපේ අතට එන්නෙ.මේ බෝතල් ඉර එලියට නිරාවරණය වුණාම ප්ලාස්ටික් අංශු මිශ්‍ර වීම තවත් වැඩි වෙනවා .natural spring water කියල උල්පත් වල ෆොටෝ දාල තිබුනට micro plastic මිශ්‍රණයක් තමයි අපි සල්ලි දීලා බොන්නෙ.

ආහාර ඇසුරැම්

ආහාර ඇසුරුම් ගැන නම් කියලා නිම කරන්න බැහැ .බත් කොලේ ඉඳලා take away boxes, කෑම ගෙනියන පෙට්ටි, රෙජිෆෝම් පෙට්ටි වගේ ජාති තොගයක් තියනවා .රත් වුණු කෑම දැම්මම මේ ප්ලාස්ටික් අංශු මිශ්‍ර වීම ඩබල් වීමක් සිදු වෙන්වා. ඒ වගේම තමයි සමහර අය ප්ලාස්ටික් අසුරන එක්ක microwave කරන්න පුරුදු වෙලා ඉන්නවා .නමුත් නවතම පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ එම ක්‍රියාව මාරාන්තික බවයි .
ඒ වගේම ප්ලාස්ටික් බෝතල්වල දාල තියන බීම ජාති (soft drinks, juices, yoghurt, ice cream) වලත් සැලකිය යුතු micro plastic තොගයක් තියනවා .මීට අමතරව tea bags අලවන්න ගන්න ප්ලාස්ටික් මිශ්‍ර මැලියම් උණුවතුර එක්ක පෙඟිල එද්දි, ටින් කෑම වලදි (සැමන් වගේ) කෑන් එක ඇතුලෙ ගාලා තියන තුනී plastic තට්ටුවෙන් කෑම වලට එකතු වෙන ප්‍රමාණ, ප්ලාස්ටික් ජෝගු වල වතුර උණු කරද්දි, plastic බෝතල් වල දාපු විනාකිරි, පොල්තෙල්, සෝස් වර්ග අපිව ලෙඩ කරන ආහාර ඇසුරුම් විදියට හදුන්වන්න පුළුවන් .

අවකාශයේ තියන micro plastics

අළුත් වාහනේකට නැග්ගම එන සුවඳ, අළුත් ප්ලාස්ටික් බඩුමුට්ටු වල සුවඳ , පාරෙ යද්දි එන විවිධ සුවඳ මේ සේරම micro plastic අංශු තමයි නහය හරහා ඇඟට ඇතුළුවෙන.ඇඳුම් වලින් නිකුත් වෙන, අනෙකුත් ගෙදර පාවිච්චි කරන බඩු වලින් නිකුත් වෙන ප්ලාස්ටික් අංශු වලින් පිරුණ අවකාශයක තමයි අපි ජිවත් වෙන්නේ .මේ අංශු නහයෙන් වගේම කන බොන කෑම වල තැවරීමෙනුත් ඇඟට ඇතුල් වෙනවා .

ලුණු සහ මුහුදු ආහාර

ලුණු සහ මුහුදු මාළු, ඉස්සො, දැල්ලො හරහා micro plastics එන්නෙ කොහොමද ? ඔබට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ .මුහුද කියන්නෙ plastic සහ polythene අපද්‍රව්‍ය වලින් දරැණුවටම දූෂණය වුණු තැනක්නෙ. ලංකාව වටේට තියන මුහුදත් දුෂණය වුණු මුහුදු අතර ඉන්නවා .ඉතින් ඒ නිසා මුහුදු වතුරෙන් හදන ලුණු වල ප්ලාස්ටික් අංශු බහුලයි.මුහුදෙන් එන ආහාර වලත් ඒ වගේම තමයි.

ප්ලාස්ටික් අනුභවය අවම කරගන්න පුළුවන් විදි

  • Plastic වතුර බෝතල් පාවිච්චිය අවම කරන්න
  • වීදුරැ/ලෝහ බෝතලේක වතුර ගෙනියන්න
  • Plastic බෝතල්වල දාපු බීම වර්ග බොන්න එපා
  • කෑම දාද්දි පුළුවං තරං වීදුරැ/ceramic/ලෝහ භාජන පාවිච්චි කරන්න
  • ප්ලාස්ටික් ඇසුරැම් microwave කරන එක නතර කරන්න
  • ගෙදරදොරේ පාවිච්චියට පුළුවන් තරම් අඩු plastic ප්‍රමාණයක් ගන්න
  • plastic කෙඳි වලින් හදපු ඇඳුම් වෙනුවට කපු ඇඳුම් අඳින්න
  • පුළුවං හැම වෙලාවෙම fasting එකක් කරන්න .පැය 16/18/20 වගේ නං වඩා හොඳයි.fasting period එකේදි ඇඟ ඇතුලෙ සිද්දවෙන විෂ හරණය (detoxification) නිසා micro plastic සෑහෙන්න ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්.
  • Cruciferous කුලයේ එලවළු (ගෝවා, broccoli , රාබු, නෝකෝල්) වලින් ඇඟ ඇතුලට එන අපද්‍රවය පවිත්‍ර කිරීමක් කරනවා .මේ එලවළු ජාති වැඩිපුර කෑමට එකතු කරගන්න
  • මුහුදු ලුණු (sea salt) වෙනුවට නිධි වලින් එන ලුණු (rock salt) පාවිච්චි කරන්න

Share Care අද කිව්වේ ප්‍රධානවම ප්ලාස්ටික් අංශු අපේ ඇඟ ඇතුලට රිංගන විදි කීපයක්.මීට අමතරව තමන් කරන රස්සාව අනුව, දවස ගෙවන විදිහ අනුව මේ ප්‍රමාණ අඩු වැඩි වෙන්න පුළුවන් .මේ හැම දේකින්ම මිදිල කැලෑවක ජීවත් වෙන්නත් බැහැනෙ.අන්තිමටම කියන්න තියන්නෙ අපි සේරම ජීවත් වෙන්නෙ දූෂිත ලෝකෙක.සුඛෝපභෝගී ගෙදරක, වාහනේක ඇතුලට වෙලා හිටියට අපිට ඒකෙන් මිදෙන්න බැහැ .හුස්ම ගන්නෙ කන්නෙ බොන්නෙ ප්ලාස්ටික් ලෝකයක්.ප්ලාස්ටික් අපේ ජීවිත වෙලාගෙන තියන තරමට සම්පූර්ණ ගැලවීමක් නැහැ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!