බත් කනවද? තේ බොනවද? බත් කාලම තේ බොනවද?

Green Tea කියන්නේ නිකන්ම නිකන් තේ එකක් නෙමෙයි. අපේ සෞඛ්‍යය ගොඩක් ප්‍රතිලාභ දෙන පානයක්. විටමින් සහ ඛනිජ ලවන වර්ග තියෙන green tea පිළිකා වලට විරුද්ධව සටන් කරනවා කියලා පර්යේෂකයින් සොයාගෙන තියෙනවා.ඒ වගේම හදවත් රෝග ඇතිවීම පාලනය කරනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය ඇති නිසා green tea ලෝකයේම ගොඩක් ජනප්‍රිය පානයක්. ඉතින් Share Care හිතුවා අද green tea පානය ගැන කතා කරන්න ඕනේ කියලා.

Green Tea ග්‍රෑම් සීයක තිබෙන පෝෂණ ගුණය

Energy 4kj
Carbohydrates 0gFat 0g
Protein 0.2g
Vitamins
ThaiamineB1 1%
Riboflavin B2 5%
Niacin B3 0.03mg
Vitamin B 6 0.05mg
Vitamin C 0.3mg
Minerals
Calcium 0
Iron 0.02mg
Magnesium 1mg
Manganese 1mg
Potassium 8mg
Sodium 1mg

Green Tea වල ගුණ

  • Green Tea සාම්ප්‍රදායික චීන ඖෂධයක් විදියට භාවිතා කරනවා.
  • හිසරදය,විවිධ තුවාල සුව කිරිම ආදියට එය බෙහෙවින් යොදා ගෙන තිබෙනවා.
  • අප ශරීරයට ගන්නා ආහාර වර්ග ශරීරයට වඩා වඩා හිතකර තත්ත්වයෙන් අවශෝෂණය කර ගැනීම සඳහා green tea මනා පිටිවහලක් වනවා.
  • මේදය දහනය කිරීමේ සිට කුඩා නමුත් කාර්යක්ශම දායකත්වයක් ශරීරයේ බර අඩු කිරීම සම්බන්ධව green tea විසින් ඉටුකරනවා
  • Green Tea කෝප්පයක් පානය කිරීමේ ඇති තවත් වාසියක් වන්නේ වැඩිපුර කාලයක් ව්‍යායාම කිරීමෙන් කිරීමේ හැකියාව ලැබීමයි.
  • ශරීරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අවම කිරීම
  • දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම
  • පිළිකා වැලැක්වීමේ ගුණයෙන් යුතුවීම
  • Alzheimer වැනි රෝගී තත්වයන් හටගැනීමේ අවදානම අඩු කිරීම

1.උදේට green tea බොන විදිහ

උදෑසන හිස්බඩ green tea පානය කිරීම හොඳ දෙයක් නෙමෙයි. ඒ විදිහට green tea බිව්වොත් ඔබගේ Liver එකට හානී වෙනවා.ඒ ඇයි දන්නවද? green tea වල Catechins කියන සංඝටක අඩංගු වෙනවා. ඒ නිසා අධිකව green tea පානය කිරීමෙන් අක්මාවට හානි වෙන්න පුළුවන්. ඉතින් green tea හොඳම සහ සුදුසු වෙලාව තමයි උදේ 10 – 11 අතර හරි එහෙමත් නැත්නම් සවස් කාලයේ.

2.ව්‍යායාම කිරීමට පෙර green tea

සිරුරේ මේද දහනය කිරීම ඉක්මන් කිරීමේ හැකියාවක් green tea වල තියෙන caffeine වලට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ශක්තිය වැඩි කරන නිසා වැඩි වෙලාවක් ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන්.

3.ආහාර වේල් අතර green tea පානය කරන්න

ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිවැරදිව අවශෝෂණය වීමට නම් ආහාර වේලකට පැය දෙකකට පෙර හෝ පසු green tea පානය කරන්න ඕනේ. ඒ වගේම රක්තහීනතාවය තියෙන කෙනෙක් නම් ආහාර සමග green tea ගැනීමෙන් වලකින්න.

4.නින්දට කළින්

Green Tea වල Caffeine තියෙන නිසා නිදාගන්න කලින් බොන්න සුදුසු පානයක් නොවෙයි. එහි අඩංගු ඇමයිනෝ අම්ල සහ L – Theanine යන සංඝටක නිසා නිදා ගැනීමට නොහැකි තත්වයක් ඇති වෙනවා. සාමන්‍යයෙන් රෑට green tea බොන්න හොඳම වෙලාව තමයි නින්දට පැය දෙකකට කළින්. මොකද එතකොට පරිවෘත්තිය ක්‍රියා වේගවත් කරනවා.

උදෑසන අවදි වූ විට ම ග්‍රීන් ටී පානය කිරීම නොකළ යුතු දෙයක්. එමඟින් ශරීරය විජලනය වීම ට වගේම ගැස්ට්‍රයිටිස් ගැස්ට්‍රයිටිස් ඇතිවීමට පුළුවන්. සමහර අවස්ථා වලදී වමනය ,ක්ලාන්තය ,ශරීරය සෘජුව තබා ගැනීමට අපහසු වීම වැනි දෑ සිදුවීමට පුළුවන්. ඔබ ගැස්ට්‍රයිටිස් වැනි රෝගයන්ගෙන් පෙළෙන කෙනෙක් නම් එය ආහාර සමඟ පානය කිරීම නුසුදුසු බවයි පැවසෙන්නේ. ඒ වගේම දිනකට green tea කෝප්ප තුනකට වඩා පානය කිරීමත් ශරීරයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ සමහර අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ශරීරයට ලැබීම ඉන් වලක්වාළන නිසයි. විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණය වන්නේ කුඩා දරුවන්ට Green Tea ලබා නොදිය යුතු බව. එයට හේතුව ආහාරවලින් ලැබිය යුතු සමහරු පෝෂණ කොටස් green tea මගින් ශරීරයට උරා ගැනීම යම් තරමකට වළක්වන නිසායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!