සමේ අධික වියළි බව නිසා ඔබත් පීඩාවෙන්ද?

කාටද දිස්නේ ගහන ලස්සන සමක් වුවමනා නැත්තේ. නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑ ම තරුණියකගේ හීනයක්. හැබැයි හීන දුටු පමණින් තමන්ට දිදුලන සමක් අයිති කර ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක් ම තමයි. ඔබට දිදුලන සමක් අවශ්‍ය නම් වගේම උපතින්ම ඔබට සුන්දර සමක් හිමි වුවද එය එලෙස ම දිගු කලක් රැක ගැනීමට අවශ්‍ය නම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කරන්නම වෙනවා.තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් කාන්තාවන් නොකරන දෙයක් නැති තරම්. විශේෂයෙන් ම බොහෝ දෙනා තමන්ගේ මුහුණෙ පැහැය ගැන සිතනවා. ලස්සන පැහැපත් මුහුණක් කියන්නේ සෑම කාන්තාවක්ම බලාපොරොත්තු වන දෙයක්. ඒ නිසා සියලුම සත්කාරයන් මුහුණට ලබා දෙන්න ඔවුන් අමතක කරන්නේ නෑ. මුහුණ ගැන එතරම් සැලකිලිමත් වුවත් ඔවුන්ට තමන්ගේ අත්වල සහ කකුල්වල සුන්දරත්වය ගැන, පැහැපත්බව ගැන සිතන්න අමතක වෙනවා. එහෙමත් නැතිනම් අමතක කරලා.බො‍හෝ දෙනෙකුගේ මුහුණේ තියෙන පැහැපත් බව අත්වල සහ කකුල්වල දක්නට නැත්තේ ඒ නිසයි. ඉතින් අද Share කියන්නම් මුහුණ වගේම දෙපාත් ලස්සනට තියාගන්නේ කොහොමද කියලා .

සම වියලෙන්නේ ඇයි ?

සෑම පුද්ගලයකුගේම සම සතුපිට මේද ස්‌ථරයක්‌ ඇත. මෙම මේද ස්‌ථරය පවත්වාගෙන යැම සඳහා ස්‌වේත ශ්‍රාවී ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන ශ්‍රාවයන් දායක වෙනවා.සමෙහි සෛල නිතර නිතර අලුත් වෙමින් බාහිර ස්‌ථරයට නිකුත් වන නිසා නිතරම සමේ සෛල බෙදීමට ලක්‌ වීම සිදු වෙනවා .මෙම සෛල බෙදීම සඳහා කොලෙස්‌ටරෝල් වැනි සංඝටක ද උපකාරී වෙනවා.සෛල අතර ඇති ලිපිඩ (මේදය) විභේදනයට ලක්‌වීමෙන් ඇතිවන සංඝටක සම මතුපිට ඇති මේද ස්‌ථරය නිරෝගීව පවත්වාගෙන යැම සඳහා දායක වෙනවා.මෙම ක්‍රියාවලිය දුර්වල වූ විට සමෙහි වියළි ස්‌වභාවයක්‌ ඇතිවෙනවා.සෛල නිතර අලුත් වීමේ ක්‍රියාවලියට බාධා ඇති වූ විට සමෙහි වියළි බවට අමතරව කොරළ බව ඇති වෙනවා.සමෙහි ඇතිවන කොරළ බව උපතින්ම සහ පසුකාලීනව හටගන්නා ආබාධ ලෙස වර්ග දෙකක්‌ ඇත .
1.උපතින්ම ඇතිවන සමේ වියළි බව
ජානමය හේතු නිසා උපතින්ම යම් පුද්ගලයකුගේ සමෙහි වියළි බවක්‌ මතුවිය හැකියි. මෙවැනි පුද්ගලයන්ගේ සම මත කොරළ ද මතුවීSමට ඇති ඉඩකඩ සුලභය.මෙවැනි ජානමය හේතු මත සමේ වියළි බව ඇති වූ විට ඔවුන්ගේ සමේ ප්‍රදාහයක්‌ ද ඇතිවිය හැකිය.

2.පසුකාලීනව ඇතිවන සමේ වියළි බව
තයිරොයිඩ් හෝමෝන ඌනතාවය, වකුගඩු දුර්වල වීම ඇතැම් පිළිකා රෝග සහ සමහර ඖෂධ නිසා සමේ වියළි බවක්‌ ඇතිවිය හැකිය.මීට අමතරව සම අධික ලෙස පිරිසිදු කිරීම, පිරිසිදු කාරක වර්ග බහුලව භාවිත කරමින් සම පිරිසිදු කිරීමට යැම වැනි හේතු නිසා ද සම වියළි බවට පත්වේ.

සම අධිකව වියළීමට හේතු

  • පරම්පරාවෙන් උරුම වන ජානමය තත්ත්වයන්
  • ස්වභාවයෙන්ම සම අධික ලෙස වියළි වීම
  • කාලගුණික වෙනස්වීම් වලින් ඇතිවන බලපෑම්
  • නිතර නිතර උණුවතුර ස්නානය කිරීම
  • නිතර අව්වට නිරාවරණය වීම
  • අහිතකර ආලේපන භාවිතය
  • සමට අහිතකර සබන් භාවිතය

වියළීමෙන් සම රැකගන්න ආකාරය

  • දිනකට ජලය ලීටර් 4-6 ප්‍රමාණයක් පානය කිරීම
  • සීතල ආහාර පලතුරු යුෂ නිතරම ආහාරයට එකතු කර ගැනීම
  • සබන් ආලේපයෙන් වැළකී සමට හිතකර සේදුම් කාරකයක් භාවිත කිරීම
  • දෙපා සේදීමෙන් අනතුරුව නිතර දෙපා තෙත මාත්තු කිරීම
  • නිතර ප්‍රමිතියකින් යුතු මොයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිත කිරීම
  • අධික උණුසුම් ජලය භාවිත කර සම පිරිසිදු කිරීම නොකළ යුතුය
  • සම වියළි බව ඇති අය විනාඩි 15-20 වඩා ජලයේ රැඳී සිටීම නොකළ යුතුය
  • දිනපතා සමබල ආහාර වේලක්‌ ගැනීම

සම වියළීමට ආයුර්වේද සත්කාර

  • සුදු හදුන් සහ කොකුම් පොතු කෝමාරිකා සමඟ මිශ්‍රකර ආලේප කිරීම
  • පිපිඤ්ඤා, කැකිරි, කොමඩු යුෂ ගෙන දෙපා මත ආලේපකර විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න
  • දිනකට දෙවරක් පමණ කෝමාරිකා ආලේප කරන්න
  • ඔලිව් තෙල් ස්වල්පයක් රත් කර නිවෙන්නට හැර දෙපා මත ආලේප කර සම්බාහනය කරන්න
  • අලිගැටපේර දෙපා මත ආලේපකර විනාඩි තිහක් පමණ තබා සෝදා හරින්න
  • මී කිරිවල යොදය කොටස වෙන්කර දෙපා මත ආලේප කර විනාඩි තිහක් පමණ තබා සෝදා හරින්න

ඒවගේම තමයි ජානමය ගැටලු නිසා ඇතිවන සමේ වියළි බව සම්පූර්ණයෙන් සුව කළ නොහැකිය. නමුත් මතුව ඇති අපහසුතා අවම කළ හැකිය.වියළි සමක්‌ සහිත පුද්ගලයන්ට ඉතා ඉක්‌මනින් සම මත බැක්‌ටීරියා ආසාදන ඇතිවීමට පිළිවන. එනිසා ඔවුන් රසායන ද්‍රව්‍ය ආදිය භාවිත කරන විට අත්වැසුම් භාවිතයට යොමුවිය යුතුය.ඔබේ සමත් වියළි නම් අද Share Care කිව්වා දේවල් උත්සහ කරලා බලන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!