මුහුණේ පෙනුම වෙනස් කරන Facial paralysis

Facial paralysis යනු මුහුණේ අර්ධයක මාංශ පේශී කිහිපයක හෝ සියල්ලේම ක්‍රියාකාරිත්වය ඇණ හිටීම සහ බලවත් පීඩා ගෙන දෙන රෝගී අවස්ථාවක් .මෙය මුහුණේ හටගන්නා පක්ෂාඝාත තත්වයක් වන අතර වයස් භේදයකින් තොරව ඇති වෙන්න පුළුවන් .මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ එන Bell’s paralysis වලටද බොහෝ දුරට සමාන වන අතර තනිවද, යම් විටක ශරීරයේ ඇතිවන අංශභාග තත්වය හා එකතුවද ඇතිවිය හැක.

Facial paralysis ඇති වීමට හේතු

මෙහි රෝග ලක්ෂණ බොහෝ විට හිස, නළල, ඇස්, නහය, කන්, දිව, තොල්, නිකට යන ප්‍රදේශ වල බොහෝවිට දැකිය හැක. 7 වන වක්ත්‍ර ස්නායුවහි සිදුවන ආඝාත හෝ ප්‍රදාහ තත්වයක් නිසා මෙය සිදුවේ. මීට හේතු ලෙස,

  • හිසට පහරක් වැදීම
  • හිස තුළ ඇති අර්බුධ තත්වයක්
  • හිසෙහි ඇතිවන ආඝාත තත්වයක්
  • හිස මතින් අධික බර ගෙන යාම
  • අධික ශබ්දයෙන් කතා කිරීම සහ හිනාවීම
  • හිසේ අක්‍රමවත් ඉරියව්
  • අධිකව කිවිසුම් යාම, ඈනුම් ඇරීම
  • නිදා ගැනීමේදී වැරදි ඉරියව්
  • තද දේවල් හැපීම
  • දත් ගැලවීම
  • එක්වරම සීතලට නිරාවරණය වීම
  • වෙනත් රෝග තත්ත්ව නිසා (අධි රුධිර පීඩනය ,දියවැඩියාව, විටමින් A ඌනතාවය, පැපොල, ලාදුරු, සිපිලිස්)
  • ආසනික් විෂ, එතිලීන් විෂ, කාබන්මොනොක්සයිඩ්
  • මත්ද්‍රව්‍ය අධිකව ගැනීම

Facial paralysis හි ලක්ෂණ

එක්වරම උදෑසන නින්දෙන් අවදි වීමේ දී ද මේ තත්ත්වය දැකගත හැක. කුඩා දරුවන්ට නම්,උපතේදී අඬූ භාවිතය නිසා හිසට ඇතිවන හානි නිසාත් අධික ආයාසයක් යොදා බැලුම් පිම්බීම වැනි ක්‍රියාකාරකම් වලදීත් ඇති වෙන්න පුළුවන් .මෙහි රෝග ලක්ෂණ ලෙස

  • මුහුණේ පීඩිත පැත්තේ පෙනුම වෙනස් වේ
  • මුහුණේ පැත්තක් ඇද වී කට පැත්තට යාම
  • හිසේ කම්පන තත්ත්ව නැතිනම් වෙව්ලීම
  • ඇස් වල , ඇහිබැම සහ මුහුණේ අසමමිතික බව
  • මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කළ නොහැකි වීම
  • ආසාදිත පැත්තෙන් කෙල බේරීම
  • රස දැනීම වෙනස් වීම
  • ආහාර ගිලීමට අපහසු වීම
  • ආහාර ගන්නා විට එම කැබලි දත්වල පිට පැත්තේ සහ කම්මුල් අතර රැඳීම
  • බීමට ගන්නා වතුර ආසාදිත පැත්තෙන් පිට වීම
  • ඇහි පිල්ලම් ගැසීමට නොහැකි වීම
  • නිදාගත් විට පවා ඇස විවෘත ව පැවතීමෙන් ඇස නිතරම වියළි තත්ත්වයට පත්වීම නිසා නොකඩවා කඳුළු ගැලීම
  • කටහඩ හරියාකාරව පිට නොවීම හෝ ගොත වීම
  • කන් ඇසීම අඩුවීම
  • කිවිසුම් යැවීමට නොහැකිවීම
  • සුවඳ නොදැනේ
  • ඇහිබැම ඉහළට ඉහලට එසවීම, නළල රැලි කිරීම, මුඛය පිම්බීම, ආහාර සැපීම, උරුවම් බෑම කළ නොහැකි වීම
  • දත් සෙලවීම
  • මතකයේ වියවුල් බව
  • ආසාදිත ප්‍රදේශයේ හිරිවැටීම වේදනාවක් පැවතීම
  • මහන්සිය

මේ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ,

  • ගර්භණී මව්වරු
  • දරුවා ලැබී සති හතරක් පමණ මව්වරුන්
  • කුඩා දරුවන්
  • මහළු අය
  • කෘශ පුද්ගලයන්
  • රක්තහීනතාව ඇති අය

රෝගය සදහා පර්යේෂණ

රුධිර පරීක්ෂණ මගින් හා ස්කෑන් පරීක්ෂණ මගින් රෝගයට අදාල හේතුව සොයා ගැනේ.හේතුව සොයා ගෙන ඊට ගැළපෙන පරිදි ප්‍රතිකාර ආරම්භ කරයි.මෙය ප්‍රතිකාර යෙදීම මඟින් සුවකර ගත හැකි රෝගී තත්ත්වයක් වන අතර එමඟින් මුහුණේ පේශි ශක්තිමත් කර ස්නායු උත්තේජනය කරන ප්‍රතිකාර පද්ධතියකින් යථා තත්ත්වයට ගනු ලබයි.
මෙම රෝගී තත්වය බොහෝ කල් ගත වී ඇත්නම් , ආඝාත තත්වයක් නිසා සිදුවී ඇත්නම් හෝ ශාරීරික දුබලතා ඇත්නම්
සුව කළ නොහැකි අතර අනෙක්වා සඳහා නිසි කලට ප්‍රතිකාර යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!