නොදැන බිව්වොත් ලෙඩ වෙන Green Tea

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වුණු පානයක් තමයි Green Tea කියන්නේ .බොහෝ අය (විශේෂයෙන් කාන්තාවන්) Green Tea භාවිතා කරන්නෙ තම සිරුරේ හැඩය පවත්වා ගැනීමට. නමුත් ඔබ නොදන්නා කරුණු රැසක් මේ Green Tea පානයත් සමග තිබෙනවා.Green Tea කියන්නේ ශරීරයට ගොඩක් හොඳ පානයක්.මොකද විටමින් සහ ඛනිජ ලවන බොහෝ ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා .
ඉතින් දැන් ඉන්න ගොඩක් අය කරන බර අඩු කරගන්න Green Tea පානය කරනවා.හැබැයි ඒ හැමෝම හරියටම Green Tea පානය කරනවාද ? ගොඩක් අය Green Tea තමන්ට හිතුනොත් පානය කරනවා,එහෙම නැත්නම් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව වෙලාවක් කලාවක් නැතුව පානය කරනවා.ඒ විදිහට Green Tea පානය කරන එකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න වෙන්නේ නැහැ.ඒ නිසා Share Care අපි හිතුවා කොහොමද හරියටම Green Tea පානය කරන්නේ කියලා ඔබව දැනුවත් කරන්න .

මොනවද මේ Green Tea

Green Tea සදහා ලබා ගන්නෙත් ඔබ පානය කරන සාමාන්‍ය තේ කෝප්පයට ලබාගන්නා තේ ශාකයේ (Camellia sinensis) පත්‍රම තමයි . එතකොට දැන් ඔබට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් අපි බොන සාමාන්‍ය තේ කොප්පයකයි Green Tea කෝප්පයකයි එකකයි වෙනස මොකක්ද කියල. ප්‍රශ්නෙට උත්තරේ තමා මෙම තේ වර්ග දෙක වෙනස් වෙන්නෙ ඒ කියන්නෙ Green Tea අනිත් තේ වලින් වෙනස් වෙන්නෙ එය නිපදවන ක්‍රියාවලිය මතයි.තේ කර්මාන්ත ශාලාවේදී සාමාන්‍ය තේ නිපදවන ආකාරයට නෙමෙයි Green Tea නිපදවන්නේ.සරල වශයෙන් කියනවනම් තේ කොළ ඇබරීමෙන් පසු සාමාන්‍ය තේ වර්ග නිෂ්පාදනයේදී මෙන් ඇබරූ තේ පත්‍ර ඔක්සිකරණය (fermentation) වීමට කාලයක් Green Tea නිෂ්පාදනයේදී ලබා දෙන්නේ නැහැ .දැන් අපි බලමු Green Tea බිව්වාම ශරීරයට ලැබෙන වාසි මොනවද කියලා .

Green Tea වලින් ලැබෙන වාසි

  • සැහැල්ලු සිරුරකට
    Green Tea වලින් ඔබගේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වේගය ඉහළ නංවනව. ඒ වගේම Green Tea වල අඩංගු Polyphenols , ඔබේ සිරුරේ මේද ඔක්සිකරණ මට්ටම සහ ඔබ ගන්නා ආහාර, කැලරි වලට පරිවර්තනය කරන වේගය වැඩි කිරීමට කටුයුතු කරවනවා. ශරීරයේ ඇති මේදය , විශේෂයෙන් උදර ප්‍රදේශයේ මේදය අඩු කිරීමටද Green Tea හේතු වෙනවා .නවතම පරීක්‍ෂණ වලින් හෙළි වී තිබෙන අන්දමට Green Tea සමග ලුණු ස්වල්පයක් ගැනීම එහි ප්‍රතිපල ඉහළ නැංවීමට හේතු වෙන බව පවසා තිබෙනවා .
  • දියවැඩියා පාලනයට
    Green Tea, ඔබ ආහාර ගත් පසු රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ නැගීම මන්දගාමී කිරීම තුළින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරනවා .
  • හෘද රෝග සදහා
    Green Tea වල තිබෙන සංයෝග රුධිර නාල බිත්ති මත ක්‍රියා කරනවා. එය රුධිර නාල ලිහිල්ව තබා ගැනීමට උපකාරී වන අතර ඒ තුලින් රුධිර පීඩන වෙනස් වීම් හොදින් දරා ගැනීමට ඇති හැකියාව රුධිර නාල වලට ලැබෙනවා. එමෙන්ම මෙමගින් රුධිර කැටි ඇතිවීමේ හැකියාවද අඩුකරනු ලබනවා.
  • නිරෝගිමත් දත්
    Green Tea වලට බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් තිබෙනව. එමෙන්ම Green Tea පානය කිරීම තුළින් ඔබගේ දන්ත සෞඛය ඉහළ නැංවීමටත්, දන්ත රෝග ඇතිවීමට ඇති අවධානමත් අඩු කරනු ලබනව. විද්‍යාත්මක පරීක්ෂණ වලින් ලැබුණු කරුණු අනුව පෙනී යන්නෙ Green Tea වලට බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවට අමතරව ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස වැළක්වීමට හැකියාවක් ඇතියි යන්නය. බොහෝ වෙලාවට මෙම කාරණා වලට හේතු වන්නෙ Green Tea වල පවතින “catechin” කියන රසායනික සංයෝගයයි. ඒ වගේම දත් දිරායාමට හේතු වන බැක්ටීරියාවක් වන Streptococcus mutans වළක්වාලීමට හැකියාවක්ද Green Tea වල ඇති catechin සංයෝගයට පවතිනවා.
  • කොලෙස්ටරෝල් පාලනයට
    Green Tea රුධිරයේ පවතින අයහපත් කොලෙස්ටරෝල් අඩු කරන අතර රුධිරයේ යහපත් කොලෙස්ටරෝල් සහ අයහපත් කොලෙස්ටරෝල් අනුපාතය වැඩිදියුණු කරනු ලබනවා.
  • මොළයේ ක්‍රියාකාරිත්වයට
    Green Tea වල තියෙන සංයෝග වලට හැකියාවක් පවතිනවා ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවන්නට. මෙයට හේතු වන ප්‍රදාන සංයෝගය වන්නේද catechin සංයෝගයයි. එයට හේතු වන්නේ එම සංයෝගය සතුව පවතින උත්තේජක (stimulant) ගුණයයි.
  • අධි රුධිර පිඩනයට
    ඔබ දිනපතා Green Tea පානය කරන පුද්ගලයෙක් නම් ඔබට අධික රුධිර පීඩනය ඇති වීමේ අවදානම අඩු වෙනවා.
  • විෂාදයට
    Theanin යනු ස්වාභාවිකවම තේ පත්‍ර වල පවතින ඇමයිනෝ අම්ල සංයෝගයකි.Green Tea පානය කිරීම තුලින් ඔබව නිස්කලංක වීමටත්, ඔබේ මනසට සැහැල්ලු බවක් දැනිමටත් හේතුව වන්නේ Green Tea වල මේ පවතිනTheanin නම් සංයෝගයයි.

හරියටම Green Tea බොන්නේ කොහොමද ?

  • උදෑසන හිස්බඩ Green Tea බොන්න එපා
    උදෑසන හිස්බඩ Green Tea පානය කිරීම ඔබේ අක්මාවට කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. Catechins කියන සංඝටකය Green Tea වල අඩංගු වෙන නිසා Green Tea අධිකව පානය කිරීමෙන් අක්මාවට හානි සිදු වෙන්න පුළුවන්.අන්න ඒ නිසා Green Tea බොන්න හොඳම වෙලාව තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් කාලය.
  • ආහාර වේල් අතර Green Tea පානය කරන්න
    ආහාර වේල් අතර Green Tea පානය කරන්නත් පුළුවන්. ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් ආහාර වේලකට පැය 02 පෙර හෝ පසු Green Tea බොන්න පුළුවන්.ඒ වගේම කෙනෙක් රක්තහීනතාවයකින් පෙළෙනවා නම් ආහාර සමඟ Green Tea ගැනීමෙන් වළකින්න.
  • ව්‍යායාම කිරීමට පෙර Green Tea පානය කරන්න
    ඔබේ සිරුරේ මේද දහනය කිරීම වැඩි කිරීමේ හැකියාවක් Green Tea වල ඇති caffeine වලට පුළුවන්.ඒ විතරක් නෙමෙයි එයින් ලැබෙන ශක්තිය නිසා වැඩි වෙලාවක් ව්‍යායාම වල නිරත වීමටද හැකියාවක් තියෙනවා.
  • නින්දට පැය 2 පමණ පෙර
    මෙහි ඇති Caffeine ඔබේ නින්දට බාධා කළ හැකි සංඝටකයක් නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නම් නොවෙයි. ඒ වගේම Green Tea වල අඩංගු Amino acids සහ L-Theanine යන සංඝටක වලට පුළුවන් කෙනෙක්ව අවදියෙන් තියන්න. ඒ නිසා රාත්‍රියේ නම් බොන්න සුදුසු නින්දට පැය 2 කලින්. මොකද එතකොට මන්දගාමී පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරන්න Green Tea වලට පුළුවන් වෙනවා.

මොන හොද දෙයක් වුණත් හැමෝම දන්න දෙයක් තමා ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ කියන දේ.Green Tea වලටත් මෙය අදාළ වෙනවා. ප්‍රයෝජන ගොඩක් තියෙනවා කියල Green Tea හැමවෙලේම බොන්න ගියොත් වැඩේ වරදින්න පුළුවන්.
ඉතින් දිනකට තේ කෝප්ප 5ක් පමණ පානය කිරීමට යෝග්‍යය බව තමා පරීක්‍ෂණ වලින් හෙළි වෙලා තිබෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!