මරණය පවා ගෙන දෙන අසාත්මිකතාවයකින් බේරෙන්නේ මෙහෙමයි

අසාත්මිකතාවක් එහෙම නැතිනම් ඇලර්ජී එකක් ඇතිවීමට අපි කවුරුත් ජිවිතේ කොයි මොහොතක හෝ අනිවාර්යයෙන් මුහුණ දීලා තියෙනවා. කැසීම්, රතුවීම්, පළු දැමීම වැනි ලක්ෂණ වල සිට රුධිර පීඩනය සීග්‍රයෙන් පහළ වැටීම, ශ්වසන මාර්ග අවහිරතා වගේම අවසානයේ මරණයට දක්වාම මෙය තීව්‍ර වන්නට පුළුවන් . සරලවම ගත්තොත් අසාත්මිකතා කියන්නේ හැමෝටම වගේම ඇති වන රෝගී තත්වයක් .ගොඩක් වෙලාවට ආහාර වර්ග ,ඖෂධ වර්ග හෝ පාරිසරික හේතූන් මත අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. තවත් සමහරුන්ට මදුරුවෙක් කෑවත් ඇති ආසාත්මිකතා ඇති වෙනවා. ඒ නිසාම Share Care අද කියන්නේ ඔබට ඇති වන විවිධ ආසාත්මිකතා වලින් බේරෙන්න, ඊට එරෙහි සටන් කළ හැකි ආහාර ගැනයි.

ඇපල්

ඇපල් වල ෆ්ලේවනොයිඩ් අඩංගු වන අතර ඒවා ආසාත්මිකතා සමඟ සටන් කරනවා. ඒ වගේම දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න පුළුවන් .

කහ

කහ කියන්නේ ආසාත්මිකතාවයන් වලට එරෙහිව සටන් කරන ප්‍රබල ඖෂධයක්. කහ වල අසාත්මිකතා මර්දනයට උපකාරී වන curcumin අඩංගු වෙනවා. ඒ වගේම එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ඕනෑම ආසාත්මිකතාවයක් අවම කරන්න කහ වලට පුළුවන්.

ග්‍රීන් ටී

ග්‍රීන් ටී කියන්නේ අපි හැමෝම දන්නා සෞඛ්‍ය සම්පන්න බීමක් නේ .හැබැයි ගොඩක් දෙනා ග්‍රීන් ටී පානය කරන්නේ අධික තරබාරුව නැති කරගන්න .නමුත් මෙමඟින් ඔබේ ප්‍රතිශක්තිය වැඩිකර ආසාත්මිකතා ඇතිවීම වළක්වන්නත් පුළුවන් .

ලෙමන්

ලෙමන් වලින් ආසාත්මිකතාවයන් වළක්වා ගත හැකි ආතර එමඟින් ද ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා. එමෙන්ම දිනපතා ලෙමන් මිශ්‍ර වතුර පානය කිරීමෙන් සිරුරේ විෂබීජ හා අපද්‍රව්‍ය ඉවත් වෙනවා.

සුදුළූණු

සුදුළූණු කියන්නෙත් වටිනා ප්‍රතිජීවකයක්. ශරීරයේ අසාත්මිකතා ඇති කරවන සංයෝග නිපදවන ඇතැම් එන්සයිමවල ක්‍රියාකාරිත්වය අඩපණ කර අසාත්මිකතා සමඟ සටන් කරනවා.

බතල

බතල වල පොටෑසියම්, මැන්ගනීස් සහ විටමින් B 6 බහුලයි. මේවා සිරුරේ ආසාත්මිකතාවයන් ඇති කිරීමට හේතු වන සංයෝගයන්ගේ ක්‍රියාකාරිත්වය අවම කරනවා. විශේෂයෙන් අසාත්මිකතා නිසා ඇති වන දැවිල්ල අවම කරන්නත් බතල වලට පුළුවන්.

සැමන්

ඔමේගා-3 මේද අම්ල අඩංගු සැමන් ආහාරයට ගැනීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහල නංවනවා. ඒ වගේම අසාත්මිකතා වලින් බේරෙන්න සැමන් ආහාරයට ගැනීම වැදගත් .

මාරාන්තික අසාත්මිකතාවයක ලක්ෂණ

  • සාමාන්‍ය ඇලර්ජි එකකදී මෙන්ම ඇඟ කැසීමට පටන්ගැනීම, පළු දැමීම, සම සුදුමැළිවීම.
  • ක්‍රමයෙන් උගුර හිරවීම හා ගිලීමට අපහසුතාවයක් ඇතිවීම.
  • ශ්වසන මාර්ග හිරවීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හා දිව තොල් ආදිය ඉදිමීම.
  • නාඩි වැටීම ක්‍රමයෙන් දුබල වී වේගවත් වීම.
  • ඔක්කාරය, වමනය හා බඩ එළිය යාම.
  • කැරකිල්ල, අසිහිය හා සිහි විසඥවීම.

ඉතින් ඔබටත් කිසියම් දෙයකට අසාත්මිකතා ඇති වෙනවා නම් අද Share Care සදහන් කරන ආහාර නිතරම කෑමට ගන්න අමතක කරන්න එපා .එවිට ඔබට පුළුවන් නිරෝගී ජීවිතයකට උරුමකම් කියන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!