මල් වගේ පොඩ්ඩෝ ලෙඩ වලින් පරිස්සම් කරගන්නේ මෙහෙමයි

අපි දරුවන් ගැන කතා කරන කොට එයාලගේ අසනීප ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න වෙනවා .අපි හැමෝම දන්න දෙයක්නේ මල් වගේ ඉන්න පුංචි ළමයි ඉක්මනටම ලෙඩ වෙනවා කියන එක .ඉතින් ඒ නිසා පොඩ්ඩන්ගේ අසනීප තතත්ත්ව ගැන නිසි අවධානයකින් පසු වෙමින් ඒ අයව රැක බලා ගන්න එක දෙමව්පියන් විදියට අපේ වගකීමක්.
අපි දැන් බලමු අපේ මල් වගේ පොඩ්ඩෝ රැකබලාගන්නේ කොහොමද කියලා.

නිවැරදි මාත්‍රාව වැදගත්

ඒත් ගොඩක් වෙලාවට doctors ලා recommend කරන බෙහෙත් හරි විදියට දරුවන්ට දෙන්නේ නැති අවස්ථා ඕන තරම් තියෙනවා.ගොඩක් අම්මලා clinic එකෙන් බබාලට දෙන බෙහෙත් නිවැරදි මාත්‍රාවෙන් ඒ අයට දෙන්නේ නැහැ .ඒ විදියට වැඩ කළාම ආයිමත් ඒ රෝග තත්ත්වය වැඩි වෙනවා .එහෙම වුණාම මුල ඉඳලම ආයෙමත් treatments කරන්න වෙනවා.
ඒ විතරක් නෙවෙයි doctor කෙනෙක් recommend කරන්නේ නැතුව අම්මලා තාත්තලා pharmacy එකට ගිහින් බෙහෙත් අරගෙන ගිහින් දරුවන්ට දෙන අවස්තා ගොඩක් අපි අහලා දැකලා තියෙනවා.ඇත්තටම ඒක නම් ගොඩක් භයානක දෙයක්.

හිතෙන හිතෙන වෙලාවට බෙහෙත් නැවත්තුවොත්

පොඩ්ඩක් හිතන්නකෝ , වලිප්පුව නැත්තම් fit එක හැදෙන දරුවෙක්ට දීර්ඝකාලීන බෙහෙත් ගන්නට වෙනවා.ඒත් මව්පියන්ගේ හිතුමතේට ඒ බෙහෙත් අතරමග නවතලා දැම්මොත් රෝගය දරුණු තත්ත්වයට පත් වෙන්න පුලුවන්.ඉතින් ඒ බෙහෙත් අතරමඟ නවත්තලා දාන එකෙන් දරුවගේ ජීවිතේට ලොකුම ලොකු අනතුරක් වුණත් වෙන්න බැරි නෑ.

රූමටික් උණ නිසා හදවතට බලපෑම්

ගොඩක් පොඩි අයට රූමටික් උණ හැදෙනවා.ඒ සඳහා ගොඩක් වෙලාවට බෙහෙත් විදියට recommend කරන්නෙ සති තුනකට වතාවක් injection එකක් දෙන එක.මේ උණ තත්ත්වය දරුවන්ගේ හදවතට බලපෑම් කරනවා. ඒ වගේ දරුවෙක්ට දෙන බෙහෙත් එක පාරම doctor කෙනෙක්ගේ උපදෙස් නැතුව නවත්තන එක නම් භයානකයි.ඇත්තටම දීර්ඝකාලීන treatments ලබන දරුවෙක් වසර ගණනාවක් clinic වලට අරගෙන එන්න වෙනවා.එහෙම දරුවන්ගේ බෙහෙත් දිගටම clinic වලින්ම ලබාගන්න එක වැදගත්.
ඒත් අපේ අම්මලා තාත්තලා කරන්නෙ ගොඩක් වෙලාවට pharmacy එකකින් පෙත්තක් ඉල්ලගෙන එන එක.

පරණ බෙහෙත් තුණ්ඩුවට බෙහෙත් එපා

පරණ බෙහෙත් තුණ්ඩුව පෙන්නලා බෙහෙත් අරගෙන පෙන්වා බෙහෙත් රැගෙන යන එක ගොඩක් අය කරන ලොකු වැරැද්දක්.මොකද ඒ බෙහෙත් වලට කාලයක් යද්දී දරුවන්ට allergy තත්ත්ව එන්න ඉඩ තියෙනවා.
ගොඩක් වෙලාවට pharmacy එකට ගියාම බෙහෙත් වට්ටෝරුව කියවගන්න බැහැ.අපැහැදිලි බෙහෙත් තුණ්ඩුවක් අමාරුවෙන් කියවගෙන බෙහෙත් නිකුත් කරන්න කිසිම වෙලාවක බෙහෙත් නිකුත් කරන කෙනෙක් try කරන්න එපා.කියවගන්න බැරි නම් doctor ට call කරලා හරිම බෙහෙත ලබා දෙන එක වැදගත්.

Doctors ලාටත් ලොකු වගකීමක්

Doctor කෙනෙක්ටත් ලොකු වගකීමක් තියෙනවා .ඒ කියවගන්න පුලුවන් විදියට බෙහෙත් තුණ්ඩුව ලියන එක.මොකද එහෙම කියවගන්න බැරිව වැරදි බෙහෙතක් දුන්නොත් ඒ හේතුවෙන් infections ඇති වෙන්න පුළුවන්.

කොරෝනා එක්ක ජීවිතේ උගන්වන්න

ලෙඩ ගැන කතා කරන විට මේ කාලයේ සුවිශේෂී යි.ඒ තාමත් අපි ඉන්නෙ corona වසංගතයත් එක්ක නිසා .ඉතින් කොරෝනා සඳහා ප්‍රතිකාරකයක් සොයාගන්නා තුරු ඒ අවදානමත් එක්ක අපට ජීවත් වෙන්නට වෙනවා. කුඩා දරුවන්ට කොහොමත් ඉක්මනින් වෛරසය ශරීරගත වෙන්න පුලුවන්.ඒත් ගොඩක් වෙලාවට රෝගය හැදුනත් දරුවා තුළින් ඒ රෝග ලක්ෂණ නොපෙන්වන්න ඉඩ තියෙනවා.ඉතින් ඒ වගේ වෙලාවක දරුවා කටයුතු කරන්නේ රෝග වාහකයෙක් විදියට.එහෙම වුණාම දරුවාගෙන් අනෙක් අයට බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.ඒ වගේ අවස්තා වළක්වා ගැනීම ගොඩක් වැදගත්.
ඒ සඳහා මුව ආවරණ ඒ කියන්නේ face mask use කරන්න,නිතරම අත සෝදන්න දරුවාට පුරුදු කරන්න වෙන්නෙත් මව්පියන් වුණ ඔබටමයි.ඉතින් දරුවා පාවිච්චි කරන දේවල් නිතරම පිරිසිදු කරන්න. දරුවාට කැස්ස,කිවිසුම් යාම හෝ හුස්ම ගැනීම අපහසුතාවක් තියෙනව නම් ඉක්මනටම hospital එකකට අරගෙන ගිහින් test කරලා අවශ්‍ය කරන treatments ලබා දෙන්න.

නිතරම අවධානයෙන් ඉන්න

මේ දවස් වල corona ගැනම හිතලා අනික් ලෙඩ රෝග අමතක කරන්න හොඳ නැහැ.ඩෙංගු,influence වගේ රෝගත් මේ දවස් වල පැතිරෙන්නට පටන් අරගෙන.ඉතින් දවස් තුන හතරකට වඩා දරුවාට අඩු වෙන්නේ නැති උණක් තියෙනව නම් doctor කෙනෙක් හම්බෙන එක ගොඩක් වැදගත්.

සාමාන්‍යයෙන් රෝගි දරුවෙකුට අවශ්‍ය මාත්‍රාවෙන් paracetamol ලබා දීලා,දියර ආහාර ලබා දීලා, විවේකීව තියන්න උත්සහා කරනවා නම් රෝගය සුව කරන්න පුලුවන්.ඒත් paracetamol වුණත් ඕනෙවට වඩා දෙන එක නම් අනුමත කරන්න බැහැ .මොකද paracetamol වලින් අක්මාවට damage වෙන්න පුළුවන් නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!