Stress එක මට්ටු කරන්නේ මෙහෙමයි

අපි ඉන්න කලබල ජීවිතේ ඇතුළෙ Stress කියන්නෙ දැන් නිකං දින චර්යාවෙ කොටසක් වගේ හරිම සාමාන්‍ය දෙයක්. අහන අහන හැමෝටම Stress නිසා වැඩිය කවුරුත් Stress කිව්වට දැන් ගණන් ගන්නෙත් නෑ. හැබැයි Stress වෙලත් ඒක ගණන් නොගෙන ඉන්නකොට අපි කරන වැඩ අවුල් වෙන්න/ බාධා වෙන්න/ මඟ ඇරෙන්න තියන ඉඩ හුඟක් වැඩියි. ඒ හින්ද එදිනෙදා ජීවිතේදි එන මානසික ආතතිය අවම කරගන්න කරන්න පුළුවන් සරලම දේවල් කීපයක් ගැන කියන්න අද Share Care හිතුවා. .

Stress ඇති වීමට හේතු

  • රැකියාවේ ගැටළු
  • Exams
  • විවිධ රෝග
  • ආදරය නිසා ඇති වන ගැටළු
  • පවුල් ප්‍රශ්න
  • වෙනත් ගැටළුකාරී තත්වයන්

Stress වුණාම මොකද වෙන්නේ

  • නිතරම ඍණ සිතුවිළි ඇති වීම
  • දහදිය දැමීම
  • වැඩිපුර කතා කිරීම
  • නිතරම අමතක වීම
  • සිතේ ඒකාග්‍රතාවය නොමැතිවීම
  • නිවැරදි තීරණ ගැනීමට නොහැකි වීම
  • උදර වේදනාව
  • කරකැවිල්ල
  • අධික ලෙස මත්පැන් වලට දුම්පානයට ඇබ්බැහි වීම

Stress වීමේ අතුරු ආබාධ

  • අධි රුධිර පිඩනය
  • අංශභාගය
  • හදවත් රෝග
  • දියවැඩියාව
  • විෂාදය
  • නින්ද ආශ්‍රිත ගැටළු
  • ගැස්ට්‍රයිටිස්
  • ආමාශයේ තුවාළ හටගැනීම
  • ප්‍රතිශක්තිය අඩුවීම
  • ලිංගික කටයුතු ආශ්‍රිත ගැටළුකාරී තත්වයන්

Stress පාලනය කරන්නේ මෙහෙමයි

  • මනසට කෙටි නිවාඩුවක් දෙන්න
  • මුහුදු වෙරළක, වනෝද්‍යානයක හෝ වෙනත් ඔබ කැමති ඕනෑම තැනක ඇවිදින්න, සංචාරය කරන්න
  • භාවනා කිරීම, යෝගා කිරීම
  • Exercise කිරීම
  • පුළුවන් හැම වෙලාවේම පවුලේ අය සමග කාලය ගත කරන්න
  • Office එකේ හෝ ඔබ වැඩ කරන තැන සුවඳ මල් පැලයක් රෝපණය කරන්න
  • ඔබේ විනෝදාංශ වලට මුල් තැන දෙන්න (පිහිනීම,බෝට්ටු පැදීම,චිත්‍ර ඇදීම,සිංදු අහන්න, නටන්න)
  • පොතක් කියවන්න
  • යාළුවොත් එක්ක එකතුවෙලා Film එකක් බලන්න යන්න
  • පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගන්න
  • ඩිජිටල් උපාංග සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වීම අවම කරන්න
  • මත්පැන් පානය කිරීම සහ අධික ලෙස Caffeine පානය කිරීම අවම කරන්න

ඊට අමතරව Stress එක අඩු කර ගන්න නම් ඔබට ප්‍රමාණවත් නින්දක් සහ අත්‍යවශ්‍යයි. නින්දට ඔයාගේ සිත සැහැල්ලු කිරීමේ ලොකු හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔබේ හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න අමාරුයි නම් ඒවා ඔබේ ළඟම කෙනෙක්ට කියන්න.කලබලය වෙන්නේ නැතුව ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න.Stress එකෙන් මිදෙන කාලය කළමනාකරණය කරන්න පුරුදු වෙන්න. ඉන් ඔබේ වැඩ ප්‍රමාණය අඩු කරගෙන දවස සැහැල්ලුවෙන් ගත කරන්න හැකි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!