උණට හෙම්බිරිස්සාවට ගෙදරදීම පිළියම්

උණක් හෙම්බිරිස්ස්වක් හැදිලා ඇදට වෙලා ඉන්නවා කියන එකට නම් අපි කිසිම කෙනෙක් කැමති නැහැනේ.ඒ වගේම තමයි ශරීරයේ කැක්කුම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ nasal congestion වගේ එකක් හැදුනම ඕනෑම කෙනෙකුට ජිවත් වෙන එකත් එපා වෙනවා.
ඉතින් ඔබේ රෝග ලක්ෂණ සමනය කර ඔබව යථා තත්ත්වයට පත්වෙන්න නිවසේදීම කරන්න පුළුවන් පිළියම් ඕනෑ තරම් තියෙනවා. ඉතින් අද Share Care ඔබ ළගට අරගෙන ආවේ බෙහෙත් බොන්නේ නැතුව ගෙදරදීම උණ, හෙම්බිරිස්සාවට සහනය ලබාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් .

Chicken soup

Chicken soup වලට ඔබේ රෝග සියල්ල සුව කළ නොහැකි නමුත් ඔබ අසනීප වූ විට එය හොඳ තේරීමක්. හොදින් පිළියෙළ කරන ලද එළවළු සමඟ චිකන් සුප් බදුනක් උණු උණුවෙම ඔබට භුක්ති විදින්න පුළුවන් නම් එමඟින් ඔබේ ශරීරයේ neutrophils චලනය මන්දගාමී විය හැකි බව පර්යේෂණවලින් හොයාගෙන තිබෙනවා.Neutrophils කියන්නේ සුදු රුධිරාණු වල පොදු වර්ගයක්.ඒවා ඔබේ ශරීරය ආසාදනවලින් ආරක්ෂා කිරීමට උපකාරී වනවා.
විශේෂයෙන් upper respiratory infections වල රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා Chicken soup හොඳ බව අධ්‍යයන වලින් සොයාගෙන තියෙනවා.ඒ වගේම Low-sodium soup ද විශාල පෝෂණ ගුණයකින් යුක්ත වන අතර ඔබව සජලීව තබා ගැනීමට උපකාරී වෙනවා.

ඉඟුරු

ඉඟුරු වල සෞඛ්‍යමය වාසි සියවස් ගණනාවක් තිස්සේ පැවතුනද දැන් එහි රෝග නිවාරණ ගුණාංග පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි සොයාගෙන තිබෙනවා.
උතුරන වතුරේ අමු ඉඟුරු පෙති කිහිපයක් දමා තම්බා බීමෙන් කැස්ස හෝ උගුරේ අමාරුව සුව කරනවා.බොහෝ විට ඉගුරු වලින් influenza නිසා ඇති වන ඔක්කාරය මඟහරවා ගත හැකි බව පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.ඉතින් ඔබට කැස්ස,හෙම්බිරිස්සාව තියෙන වෙලාවට හොදට ඉගුරු දාපු උණු තේ එකක් බොන්න පුළුවන් නම් ලොකු සහනයක් වෙයි.

මී පැණි

මී පැණි කියන්නේ antibacterial සහ antimicrobial ගුණ ඇති දෙයක්.
ලෙමන් සහ තේ සමඟ මී පැණි පානය කිරීමෙන් උගුරේ වේදනාව සමනය කරගන්න පුළුවන්.මී පැණි වලින් ඉතාමත් හොඳින් කැස්ස අඩු කරන්නත් පුළුවන් .
ඒ වගේම මී පැණි වල බොහෝ විට botulinum spores අඩංගු බැවින් ඔබ අවුරුදු 1 ට අඩු දරුවෙකුට මී පැණි ලබා නොදිය යුතුයි. Botulinum spores සාමාන්‍යයෙන් වැඩිහිටි දරුවන්ට සහ වැඩිහිටියන්ට හානිකර නොවන අතර, ළදරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට botulinum spores සමඟ සටන් කිරීමට හැකියාවක් නැත.

සුදුළුනු

සුදුළූණු වල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති allicin නම් සංයෝගය අඩංගු වෙනවා.ඔබේ ආහාර වේලට සුදුළූණු එක් කර ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ වල ඇති බරපතලකම අඩු කර ගන්න පුළුවන්.සමහර පර්යේෂණයන්ට අනුව, සුදුළුණු ඔබට රෝග වළක්වා ගැනීමට පවා උපකාරී වෙනවා.සුදුළූණු වල ඇති potential cold-fighting ගුණය නිසා ඔබේ ආහාර වේලට වැඩිපුර සුදුළූණු එකතු කිරීම හානියක් නොවනු ඇත.

Vitamin C

Vitamin C ඔබේ ශරීරයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර සෞඛ්‍යමය වාසි රැසක් ලබාදෙනවා.දෙහි, දොඩම්, මිදි, leafy greens සහ වෙනත් පලතුරු හා එළවළු ස්වාභාවිකවම vitamin C අඩංගු වෙලා තියෙන දේවල් විදියට අපිට හදුන්වන්න පුළුවන්. මී පැණි සමඟ උණුසුම් තේ වලට නැවුම් ලෙමන් යුෂ එකතු කිරීම ඔබේ සෙම් රෝග අඩු කරනන උදව් වෙනවා.උණුසුම් හෝ සිසිල් ලෙමනේඩ් පානය කිරීමද ශරීරයට ගොඩක් හිතකරයි.
ප්‍රමාණවත් පරිදි vitamin C ලබා ගැනීමෙන් upper respiratory tract infections වලින් සහ වෙනත් රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

Probiotics

Probiotics කියන්නේ ඔබේ ශරීරයේ ,සමහර ආහාර හා supplements වල ඇති බැක්ටීරියාවක්.ඔබේ බඩවැල් හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගීව තබා ගැනීමට මේ Probiotics උපකාරී වනවා.පර්යේෂණයන් පෙන්වා දෙන්නේ Probiotics මඟින් upper respiratory infection සැදීමේ අවස්ථාව අඩු කර ගත හැකි බවයි.
ප්‍රයෝජනවත් බැක්ටීරියා සඳහා, ඔබේ ආහාර වේලට Probiotics අඩංගු යෝගට් ඇතුළත් කර ගන්න පුළුවන්.එමගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇති විය හැකි ප්‍රතිලාභවලට අමතරව, යෝගට් යනු ප්‍රෝටීන් සහ කැල්සියම් බහුල වන සෞඛ්‍ය සම්පන්න ආහාරයක් .

ලුණු වතුර

ලුණු සහිත ජලයට සුදුළූණු දැමීම මඟින් upper respiratory infection වලක්වන්න පුළුවන්. ඒ වගේම මෙමගින් සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ වල බරපතලකමද අඩු කරයි.නිදසුනක් වශයෙන්, උගුරේ අමාරුව සහ නහය හිරවීම අඩු කරයි.
ලුණු වතුර නිසා බැක්ටීරියා සහ අසාත්මිකතා අඩංගු ශ්ලේෂ්මල අඩු කරයි. ඔබට කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යාව සෑදුන විට ලුණු තේ හැන්දක් සම්පූර්ණ වතුර වීදුරුවක දිය කරන්න.ඊට පස්සේ ඔබේ මුඛය සහ උගුර හොදින් සෝදන්න.ඉන්පසු කෙළ ගසන්න.

උණුසුම් ජලය ස්නානය

උණුසුම් ජලය ස්නානය කිරීමෙන් වැඩිහිටියන්ගේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝග ලක්ෂණ අඩු කරන්න පුළුවන්.Epsom salt සහ baking soda වතුරට එකතු කිරීමෙන් සිරුරේ වේදනාව අඩු කර ගත හැකියි.
ඔබට සම්පූර්ණයෙන්ම රෝගී වීමෙන් වැළකී සිටීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුල සිටම වැඩි දියුණු කළ යුතුය.

ඔබටත් උණක් හෙම්බිස්සවක් හැදුනම එක පාරටම බෙහෙත් ගන්න යන්නේ නැතුව මෙවැනි ප්‍රතිශක්තිය ඉහළ නංවන ආහාර ලබාගන්න පුරුදු වෙන්න .ඒ වගේම මෙවැනි ආහාර සතියකට වරක්වත් ලබා ගන්න පුළුවන් නම් ඔබට රෝගී නොවී නිරෝගී දිවියකට හිමිකම් කීමේ අවස්ථාවත් හිමි වෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!