මුහුණේ කුරුලෑ ඇතිවීම ඔබට කරන පෙර අනතුරු ඇගවීමක්ද?

වසර සිය ගණනක් තිස්සේ චීනයේ කුරුලෑ හා සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සඳහා Face mapping එහෙමත් නැතිනම් මුහුණු සිතියම් ගත කිරීම භාවිතා කරලා තියෙනවා .මෙම චීන පුරාණ වෛද්‍ය විද්‍යාව මගින් කුරුලෑ හා කුරුලෑ ඇතිවීමට හේතුව විසඳීම සඳහා සමස්ථ කුරුලෑ ප්‍රතිකාර භාවිතා කරනු ලබනවා .
එය විශ්වාස කළ නොහැකි බවක් පෙනෙන්නට තිබුණත් Face mapping මගින් ඔබේ සම සහ ඔබේ සමස්ත සෞඛ්‍යය පාලනය කර ගත හැකිය. බොහෝ චීන ඖෂධ පද්ධති නිර්මාණය කර ඇත්තේ හදවත, අක්මාව සහ වකුගඩු වැනි අභ්‍යන්තර අවයව සහ සම වැනි බාහිර අවයව අතර සහසම්බන්ධය සහ අන්තර් සම්බන්ධතාවය අවබෝධ කර ගැනීමටයි . ඉතින් කුරුලෑ සඳහා චීන Face mapping පිළිබවද ඔබ දැනගත යුතු දේවල් Share Care කියන්නම් .

Face mapping යනු

මුහුණු සිතියම්ගත කිරීම නොහොත් Face mapping මුහුණේ සමෙහි එක් එක් කොටස බෙදීමට භාවිතා කරන අතර ඔබේ කුරුලෑ වලට හේතු විය හැකි අක්‍රමිකතා හෝ සෞඛ්‍ය ගැටළු මොනවාද යන්න තීරණය කිරීමට සහ කුරුලෑ සමඟ කටයුතු කිරීම සඳහා උපදෙස් ලබා දීමයි.නිදසුනක් ලෙස,

  • නිකටෙහි හටගන්නා කුරුලෑ සාමාන්‍යයෙන් හෝමෝන ගැටළු හා ඔසප් චක්‍රයේ ගැටලු පෙන්නුම් කරයි.
  • නාසයේ,නාසය පහල හා ඇසි බැම් දෙපැත්තෙන් කුරුලෑ ඇතිවීම ඔබේ හෘද සෞඛ්‍යය හා සම්බන්ධ ගැටළු පෙන්නුම් කරයි.
  • හකුවල හටගන්න කුරුලෑ ඔබගේ පෙනහලු හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු පෙන්නුම් කරයි.
  • ඇස් යට හටගන්නා කුරුලෑ මගින් ඔබගේ වකුගඩු හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු පෙන්නුම් කරයි.
  • ඇස් දෙපැත්තෙන් ඇතිවන කුරුලෑ ඔබගේ අක්මාවේ සෞඛ්‍ය ගැටලු පෙන්නුම් කරයි.
  • නාසය දෙපැත්තෙන්, කට දෙපැත්තෙන් හා නලල මැද ඇතිවන කුරුලෑ මගින් ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු පෙන්නුම් කරයි.
  • නළල දෙපැත්තෙන් ඇතිවන කුරුලෑ මගින් ඔබගේ මුත්‍රාශය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු පෙන්නුම් කරයි.

කුරුලෑ වැළක්වීමට

මුහුණේ එක් එක් ප්‍රධාන ප්‍රදේශය Face mapping මත පදනම්ව කුරුලෑ වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා බලමු.

1.ඇහිබැමට ඉහළින්
මෙම ප්‍රදේශයේ කුරුලෑ ඇතිවන්නේ නම් මේද හෝ සැකසූ ආහාර අඩු කිරීම ඉතා සුදුසුයි .

2.ඇහිබැමි අතර
චීන වෛද්‍ය විද්‍යාවට අනුව ඔබගේ ඇහිබැම අතර කුරුලෑ ඇතිවීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ අධික ලෙස මත්පැන් පානය කිරීම හෝ දුම් පානය කිරීම හෝ අධික ලෙස ආහාර ගැනීම විය හැකිය. එය ඔබගේ අක්මාවට බලපෑම් ඇතිකරයි. එබැවින් එම පුරුදු වලක්වා ගැනීම ඉතා සුදුසුයි .

3.නාසය මත, නාසය දෙපස හෝ නාසය පහල
නාසය ඔබේ හදවතට හා පෙනහලුවලට සම්බන්ධ වී ඇති බව කියනු ලබන අතර, මෙම ප්‍රදේශයේ කුරුලෑ වලින් අදහස් වන්නේ ඔබ ලුණු සහිත හෝ කුළුබඩු සහිත ආහාර කපා හැරිය යුතු අතර ඔබේ විටමින් බී ප්‍රමාණය වැඩි කළ යුතු බවයි.

4.වම් කම්මුල
වම් කම්මුල ඔබේ ආමාශයට හා අක්මාවටද සම්බන්ධ වී ඇත .කොමඩු වැනි ඉහළ ජල අන්තර්ගතයක් සහිත ශරීරය සිසිල් කරන ආහාර අනුභව කිරීම සහ ආතතිය අඩු කිරීම මේ සදහා සුදුසුම ප්‍රතිකර්මය ලෙස හදුන්වන්න පුළුවන් .

5.දකුණු කම්මුල
දකුණු කම්මුල ඔබේ පෙණහලුවලට හා ආමාශයට සම්බන්ධ වී ඇති අතර, හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් කුරුලෑ ඉවත් කළ හැකිය. ඔබේ දකුණු කම්මුලේ කුරුලෑ ඇත්නම් ක්ෂණික ආහාර ,සීනි මෙන්ම වයින් සහ මුහුදු ආහාර නවතා දැමිය යුතුය .

6.නළල මැද හා කට දෙපැත
මෙම ප්‍රදේශය ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ බව කියනු ලබන අතර තන්තු හා එළවළු වැඩි ප්‍රමාණයක් ගැනී තත්වය වලක්වා ගන්න පුළුවන්.

7.නිකට
මෙම ප්‍රදේශය හෝමෝන මට්ටම හා සම්බන්ධ වී ඇති අතර ඔමේගා -3 ආහාරයට ගැනීම මගින් හෝමෝන සමබරතාවය පවත්වාගත හැකිවේ.

මේ දේවල් තමයි වසර සිය ගණනක් තිස්සේ චීනයේ කුරුලෑ හා සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සඳහා Face mapping එහෙමත් නැතිනම් මුහුණු සිතියම් ගත කිරීම අධ්‍යනයෙන් හෙළි වූ කරුණු .ඔබත් සුව නොවන කුරුලෑ ආසාදන නිසා පිඩා විදිනවා නම් මේ දේවල් උත්සහ කරලා බලන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!