දරන්න බැරි කැක්කුමක් හදන Kidney Stones

Kidney Stones හෝ renal calculi කියන්නේ crystals වලින් සෑදුන ඝන ද්‍රව්‍යක් .සාමාන්‍යයෙන් Kidney Stones හට ගන්නේ ඔබේ වකුගඩු තුලයි .නමුත් මේ Kidney Stones ඔබේ මුත්‍රා මාර්ගයේ ඕනෑම ස්ථානයක වර්ධනය වෙන්න පුළුවන් . Kidney Stones කියන්නේ ගොඩක් වේදනාකාරී තත්වයක්.ඒ වගේම තමයි Kidney Stones ඇති වීමට හේතු ගල් වර්ගය අනුව වෙනස් වේ.

Kidney Stones වර්ග

සියලුම Kidney Stones එකම වර්ගයේ crystals වලින් සෑදී නැත. විවිධ වර්ගයේ Kidney Stones වලට ඇතුළත් වන්නේ විවිධ වර්ගයේ crystals වර්ගයි .

1.Calcium

වඩාත් සුලභ ගල් වර්ගය විදියට Calcium ගල් හදුන්වන්න පුළුවන් .ඒවා ගොඩක් වෙලාවට calcium oxalate වලින් තමයි හැදිලා තියෙන්නේ . (ඒවා calcium phosphate හෝ maleate වලින් හැදිලා තියෙන්නත් පුළුවන් ).
Oxalate බහුල ආහාර අඩුවෙන් ආහාරයට ගැනීමෙන් මෙම වර්ගයේ ගල් සෑදීමේ අවදානම අඩු කරගන්න පුළුවන්.

අධික ලෙස oxalate අඩංගු ආහාර

  • අල පෙති
  • රටකජු
  • චොකලට්
  • බීට්
  • නිවිති

නමුත් සමහර Kidney Stones Calcium වලින් හැදිලා තිබුනත් ඔබේ ආහාර වේලට ප්‍රමාණවත් තරම් කැල්සියම් එකතු ගැනීමෙන් ගල් සෑදීම වළක්වා ගන්න පුළුවන් .

2.Uric acid

මෙම වර්ගයේ Kidney Stones කාන්තාවන්ට වඩා පිරිමින් අතර බහුලව දැක ගන්න පුළුවන් . ඒ වගේම තමයි රක්තවාතය ඇති හෝ chemotherapy කරන පුද්ගලයින් තුළ Uric acid stone ඇති වීමේ සම්භාවිතාව වැඩියි .මේ වර්ගයේ ගල් ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ මුත්රා අධික ලෙස ආම්ලික වීමයි .පියුරීන් බහුල ආහාර වේලක් මගින් මුත්රා වල ආම්ලික මට්ටම ඉහළ යයි .පියුරින් කියන්නේ මාළු, බෙල්ලන් සහ මස් වගේ සත්ව ප්‍රෝටීන වල තියෙන වර්ණ රහිත ද්‍රව්‍යයක් .

3.Struvite

මේ වර්ගයේ ගල් වැඩිපුරම දක්නට ලැබෙන්නේ මුත්‍රා ආසාදන ( urinary tract infections (UTIs)) ඇති කාන්තාවන් තුළ යි .මේ ගල් විශාල වෙන්න පුළුවන් වගේම මුත්රා බාධාද ඇති කරනවා .වකුගඩු ආසාදන වල අතුරු ආබාධයක් විදියට තමයි Struvite ඇති වෙන්නේ .Underlying infection වලට ප්‍රතිකාර කිරීමෙන් Struviteගල් වර්ධනය වීම වළක්වා ගන්න පුළුවන් .

4.Cystine

Cystine කියන්නේ දුර්ලභ තත්වයක් .Cystinuria කියන ජානමය ආබාධය ඇති පිරිමින් සහ කාන්තාවන් තුළ තමයි මේ ගල් වර්ගය ඇති වෙන්නේ. මේ වර්ගයේ ගල් සමඟ Cystine ( ශරීරයේ ස්වාභාවිකව ඇති වෙන අම්ලයක් ) වකුගඩු වලින් මුත්රා වලට කාන්දු වීමක් සිදු වෙනවා .

Kidney Stones සඳහා අවදානම් සාධක

Kidney Stones සඳහා ඇති ලොකුම අවදානම් සාධකය තමයි දවසකට මුත්රා ලීටර් 1 කට වඩා අඩුවෙන් සෑදීම. වකුගඩු ආබාධ තියෙන නොමේරූ ළදරුවන් තුළ Kidney Stones බහුලව දක්නට ලැබෙන්නේ මේ නිසායි . ඒ වගේම තමයි වයස අවුරුදු 20 ත් 50 ත් අතර පුද්ගලයින්ට Kidney Stones ඇති වෙන්න පුළුවන් වගේම කාන්තාවන්ට වඩා පිරිමින්ට Kidney Stones වෙන්න පුළුවන් අවධානම වැඩි බව හොයාගෙන තියෙනවා .

  • විජලනය
  • තරබාරුකම
  • high protein, ලුණු හෝ ග්ලූකෝස් අධික ආහාර නිතරම ගැනීම
  • hyperparathyroid තත්වය
  • gastric bypass සැත්කම්
  • කැල්සියම් අවශෝෂණය වැඩි කරන inflammatory bowel රෝග
  • triamterene diuretics, antiseizure drugs, සහ calcium-based antacids වැනි ඖෂධ ගැනීම

Kidney stones වල රෝග ලක්ෂණ හඳුනා ගැනීම

Kidney stones දැඩි වේදනාවක් ඇති කරනවා . මේ දරුණු වේදනාව renal colic කියලා තමයි හදුන්වන්නේ .මෙහිදී ඔබේ පිටුපස හෝ උදරයේ එක් පැත්තක වේදනාවක් ඇති වෙන්න පුළුවන් .
පිරිමින් තුළ නම් වේදනාව ඉඟටිය ප්‍රදේශයට විහිදෙනවා .

  • මුත්රා වල රුධිරය (රතු, රෝස හෝ දුඹුරු මුත්රා)
  • වමනය
  • ඔක්කාරය
  • දුර්වර්ණ වූ හෝ දැඩි දුර්ගන්ධයෙන් යුතු මුත්රා
  • සිතල දැනීම
  • උණ
  • නිතර මුත්‍රා කිරීම අවශ්‍ය වීම

නමුත් ඔබට තියෙන්නේ කුඩා kidney stone එකක් නම් ඔබේ මුත්‍රා මාර්ගය හරහා ගල ගමන් කරන විට ඔබට කිසිදු වේදනාවක් හෝ රෝග ලක්ෂණයක් නැති වෙන්නත් පුළුවන් .

Kidney stones ගැටළුවක් වෙන්නේ ඇයි ?

මේ ගල් වකුගඩුව තුළම රැදී පවතින්නේ නැහැ. සමහර විට ඒවා වකුගඩු වල සිට මුත්‍රාශයට ගමන් කරනවා .
මුත්රා මාර්ගය කුඩා හා සියුම් වන නිසා වකුගඩුවක ඉදලා මුත්‍රාශය දක්වා ගමන් කරන්න සමහර Kidney stones ලොකු වැඩි වෙන්න පුළුවන්.එතකොට මුත්‍රාශයේ කැක්කුම වගේම මුත්රා වල රුධිරය ඇති වෙන්න පුළුවන් .සමහර විට ගල් නිසා මුත්රා පිටවීම අවහිර වෙන්න පුළුවන්.මෙය urinary obstruction එකක් විදියට හදුන්වන්න පුළුවන් . Urinary obstruction නිසා kidney infection සහ kidney damage සිදු වෙනවා .

Kidney stonesපරීක්ෂා කිරීම සහ රෝග විනිශ්චය කිරීම

  • Calcium, phosphorus, uric acid, සහ electrolytes සඳහා රුධිර පරීක්ෂණ
  • වකුගඩු ක්‍රියාකාරිත්වය තක්සේරු කිරීම සඳහා blood urea nitrogen (BUN) සහ creatinine
  • Crystals, bacteria, blood, සහ white cells පරීක්ෂා කිරීම සඳහා urinalysis
  • සම්මත ගල් පරීක්ෂා කිරීම ඒවායේ වර්ගය තීරණය කිරීම
  • abdominal X-rays
  • intravenous pyelogram (IVP)
  • retrograde pyelogram
  • වකුගඩු වල ultrasound පරීක්ෂණය
  • උදරයේ සහ වකුගඩු වල MRI ස්කෑන් පරීක්ෂණය
  • abdominal CT scan

Kidney stones වලට ප්‍රතිකාර කරන ආකාරය

ප්‍රතිකාරය සකස් කරලා තියෙන්නේ ගල් වර්ගය අනුව යි .
දවසකට වතුර වීදුරු හයක් හෝ අටක් පානය කිරීමෙන් මුත්රා පිටවීම වැඩි වෙනවා .
විජලනය වූ හෝ දරුණු ඔක්කාරය හා වමනය ඇති පුද්ගලයින්ට intravenous තරල අවශ්‍ය වෙන්න පුළුවන් .

වෙනත් ප්‍රතිකාර ක්‍රම

  1. බෙහෙත්
    වේදනාව පාලනය කිරීම සදහා narcotic medication අවශ්‍ය වන අතර ආසාදන පවතින්නේ නම් antibiotics මගින් ප්‍රතිකාර සිදුකළ යුතුය .
  • uric acid ගල් සඳහා allopurinol (Zyloprim)
  • calcium ගල් සෑදීම වැළැක්වීම සඳහා thiazide diuretics
  • මුත්රා වල අඩු ආම්ලිකතාවයක් ඇති කිරීම සඳහා sodium bicarbonate හෝ sodium citrate
  • calcium ගල් සෑදීම වැළැක්වීමට phosphorus solutions
  • වේදනාව සඳහා ibuprofen (Advil)
  • වේදනාව සඳහා acetaminophen (Tylenol)
  • වේදනාව සඳහා naproxen sodium (Aleve)
  1. Lithotripsy
    Extracorporeal shock wave (අමතර කම්පන තරංග) lithotripsy මගින් විශාල ගල් කැඩීමට පුළුවන් .එමඟින් ඔබේ මුත්රා වලට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් .මෙය සිදු කරන්න සැහැල්ලු නිර්වින්දනයක් අවශ්‍ය වෙන්න පුළුවන් .
  2. Tunnel surgery (percutaneous nephrolithotomy)
    ශල්‍ය වෛද්‍යවරයෙක් ඔබේ පිටුපස කුඩා කැපීමකින් ගල් ඉවත් කරයි. පුද්ගලයෙකුට මේ ශල්‍යකර්මය අවශ්‍ය වන්නේ ,
  • Stone එක මගින් ආසාදන හෝ වකුගඩු වලට හානි කරයි
  • Stone එක විශාල වී ඇත
  • වේදනාව පාලනය කළ නොහැක
  1. Ureteroscopy
    මුත්රාශයේ හෝ මුත්රාශයේ ගලක් සිරවී ඇති විට, එය ඉවත් කිරීම සඳහා ඔබේ වෛද්යවරයා විසින් ureteroscope භාවිතා කරයි .කැමරාවක් සවි කර ඇති කුඩා වයරයක් මුත්‍රාශයට ඇතුල් කරයි. පසුව වෛද්‍යවරයා කුඩා කූඩුවක් භාවිතා කර ගල ගලවා ඉවත් කරයි.

Kidney stone වැළැක්වීම

  • නිසි ලෙස ජලය පානය කිරීම .
  • දිනකට මුත්රා ලීටර් 2.6 ක්වත් පිටවිය යුතුය .
  • ඔක්සලේට් බහුල ආහාර මධ්‍යස්ථව ආහාරයට ගැනීම
  • ලුණු හා සත්ව ප්‍රෝටීන ආහාරයට ගැනීම අඩු කිරීම

ඔබට Kidney stones තිබේ නම් හෝ Kidney stone ඇතිවීමේ අවදානමක් තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ එය වැළැක්වීමේ හොඳම ක්‍රම සාකච්ඡා කරන්න.
වකුගඩු ගල් සාමාන්‍යයෙන් දිගු කාලීන ගැටළු ඇති නොකර මුත්‍රා සමග තනිවම ගමන් කර පහව යයි. එසේ නොමැති වුවහොත් හෝ ඔබට දැඩි වේදනාවක් දැනෙන්නේ නම්, ඔබේ වෛද්‍යවරයාට එය කැඩීමට හෝ ඉවත් කිරීමට හැකිය.නිවැරදි ආහාර ගැනීම, නිසි පරිදි ජලය පානය කිරීම සහ නිසි ඔසු ලබා ගැනීමෙන් ඔබට වකුගඩු ගල් ඇතිවීමේ අවදානම අඩු කර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!