පීඩාකාරී සන්ධි වේදනා වලට සහනය

සන්ධි ආශ්‍රිත වේදනාවන් හා රෝගී තත්ත්වයන් වර්තමානයේ බහුලව දක්නට ලැබේ. කාන්තා පුරුෂ භේදයකින් තොරව අසන්නට ලැබෙන පීඩාකාරී තත්වයන්හිදි බොහෝ දෙනා සිදු කරනුයේ වේදනාවන් සමනය කර ගැනීම සඳහා ආලේපන හෝ වේදනා නාශක භාවිත කිරීමයි‍.සන්ධි ආශ්‍රිතව වැළැඳෙන රෝගී තත්වයන් බොහෝමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර භාවිතයන් වේ . නිවැරදි ඉරියව් භාවිතය හා නිවැරදි ආහාර පුරුදු රෝගී තත්වයෙන් මිදී ප්‍රීතිමත් දිවියක් ගෙවීමට උපකාරී වෙනවා. බොහෝ සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් වයස අවුරුදු 35 -40 වන විට ඇතිවන අතර නොසලකා හැරීම හේතුවෙන් උත්සන්න වෙන්න පුළුවන් .

සන්ධි රෝග යනු මොනවාද?

සන්ධියක් යනු අස්ථි දෙකකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වන තැනකි. චලනය වන සන්ධි මෙන්ම චලනය නොවන සන්ධි ද තිබෙනවා. සිරුරේ ස්ථාවරත්වය ශක්තිය හා කි‍්‍රයාකාරකම් පහසුකර වීම සඳහා අස්ථි උපකාරීවේ. සිරුරේ බර දරා සිටීමේ කි‍්‍රයාවලිය අස්ථි මගින් සිදු කරනු ලබනවා. චලනය වන අස්ථි කෙළවර තරුණාස්ථි නම් මෘදු පටකයක් පවති. ඒ බැඳී ඇති ලසිකා මඟින් අස්ථිය ලිස්සා යෑම සිදු කරවයි.
වර්තමානයේ දක්නට ලැබෙන සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් අතර උරහිස් සන්ධි හා බෙල්ල අශ්‍රිත වේදනා, කොන්ද අශ්‍රිත වේදනා, විලුඹ හා දණහිස් සන්ධි ආශ්‍රීත තද බල වේදනා තත්ත්වයන් ප්‍රධාන වෙනවා. මැණික් කටුව හා වළලුකර ආශ්‍රිත පොකුරු සන්ධිවල ඇති වන වේදනා අධික පීඩාකාරීවන අතර මේ කිසිදු වේදනාකාරි තත්ත්වයක් නොසලකා හරින්න නම් බැහැ. එම තත්ත්වයන් නොසලකා හැරීමෙන් රෝගි තත්ත්වය උත්සන්න වී අධික වේදනාව, සිරුර පාලනය කර ගැනිමේ හා හැසිරවීමේ අපහසු තා ඇති වී පුද්ගලයා අසීරු තාවයට පත්වේ.

සන්ධි වල නීරෝගි බව ආරක්ෂා කරගන්නේ කොහොමද ?

බර පිළිබඳ සැළකිලිමත් වන්න

ඔබේ ශරිරයේ බර වැඩි නම් සන්ධි ආබාධ ඇති වීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා.ඒ සදහා ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය යොදාගෙන අවබෝධයක් ලබා ගන්න ඕනේ.සන්ධි ගත වාත (ආතරයිටිස් ) වැනි තත්ව සදහා මූලිකම හේතුවක් විදියට බර වැඩිවිම බලපානවා.එමෙන්ම අනවශ්‍ය ලෙස සංචිත වු මේද පටක වලින් නිපදවෙන අහිතකර රසායනිකද බලපැමක් කෙරෙනවා.

දෛනිකව ක්‍රියාශිලි වන්න

ක්‍රියාශිලි වීම ලෙස හැදින්වෙන්නේ අනවශ්‍ය ලෙස අධික වෙහෙසවීම නොවේ.ඔබගේ එදිනෙදා වැඩකටයුතු වලදි සාමාන්‍ය මට්ටමින් සන්ධි ක්‍රියා කිරිමට ඉඩ දෙන්න.විශේෂයෙන් එක දිගට වාඩි වී සිටිම වෙනුවට පැයකට පමණ වතාවක් මද දුරක් ඇවිදිම වැනි සුලු ක්‍රියාකාරකමක් සිදු කරන්න. එමගින් සන්ධි හා සම්බන්ධ බන්ධනි (ligaments) වලට ශක්තිමත් බවක් මෙන්ම සන්ධිවල නම්‍යශීලී බවක්ද ලැබේ.

ජලය ප්‍රමාණවත් පරිදි පානය කරන්න

ශරිරයේ සන්ධිවල අඩංගු කාටිලේජ පටකයේ 60%ක් පමණ ජලය අන්තර්ගත වෙනවා.එම නිසා ජලය පානය කිරිම එම කොටස් වල සජල බව වැඩිවිම ඉතාම ප්‍රයෝජවත්.එමෙන්ම සන්ධියක අභ්‍යන්තරයේ නිපදවෙන තරල (synovial fluid )නිපදවීම සිදුවී ,සන්ධිවල ක්‍රියාවලිය ලිහිසි ලෙස සිදුවීමටත් ජලය උපකාරි වෙනවා .දිනකට ජලය විදුරැ 6-8ක් පමණ පානය කිරිම ශරිරයේ නිරෝගි බවට ඉතාම වැදගත්.මද උණුසුම් ජලය පානය බෙහෙවින් හිතකර වේ.ශීතකල ජලය පානය විශේෂයෙන් ආම වාත( Rheamtoid arthritis ) , සන්ධි ගත වාත(osteo arthritis )වැනි රෝග වලින් පෙලෙන පුද්ගලයන් හට සුදුස නැත.

ඔබගේ ඉරියව් වරින් වර වෙනස් කරන්න

නිවැරදි ඉරියව් භාවිතයට හුරැ වෙන්න. එක දිගට එකම ඉරියව් වලින් සිටිමේදි සන්ධිවලට ඇති වන පීඩනය ඉතා වැඩිවේ.එම නිසා සන්ධිවල සැකැස්මටද හානි වීමට පුලුවන්. හිදගැනිම,බර එසවීම, සිටගැනිම, ඇවිදිම ආදි එදෙිනෙදා කටයුතු වලදි නිවැරදි ඉරියව් භාවිතා කිරිමට පුරැදු වෙන්න.

මානසික ආතතිය අවම කරගන්න

විශේෂයෙන් මානසික ආතතිය නිසා දේහය තුළ විවිධ ආකාරයෙන් අහිතකර රසායන ද්‍රව්‍ය නිපදවේ. හෝමෝන අසමතුලිත වීම් ඇති වේ. එමගින් සන්ධි වේදනා ආදිය ඇති වීම බොහෝ ඉක්මනින් සිදු වෙන්න පුළුවන් .

සන්ධි ආශ්‍රිත මාංශපේශි සවිමත් කරගන්න

ඒ සදහා විවිධ ව්‍යායාම උපකාරී වන අතර පළපුරුදු උපදේශකයකුගේ නිර්දේශය මත එම කටයුතු සිදුකළ යුතුය.එමෙන්ම රෝග ඇති විමට පෙර මෙන්ම රෝග ඇති වූ පසුද යොදා ගත හැකි යෝග ක්‍රමද තියෙනවා .සුර්ය නමස්කාරය වැනි යෝග ක්‍රම සන්ධිවල නිරෝගිබවටමනා රැකුලකි .

ප්‍රමාණවත් විවේකය/නින්ද

දිනපතා වෙහෙස වී කටයුතු කිරිමේදි සන්ධිවලට ඇති වන පීඩනය දිර්ඝකාලින සන්ධි ආබාධ වලට මූලික වේ.දිනකට අවශ්‍ය පරිදි විවේකයක්.ලබා ගැනිම මගින් හානියට පත්වන පටක යතා තත්වයට පත්විමට කාලසිමාවක් ලැබේ. අධික ලෙස වෙහෙස වීම නිසා එම ස්ථාන ආශ්‍රිත වාත දෝෂ කෝප වීමෙන් සන්ධිරෝග ඇති වියහැකි අතර විවේකි බව යම් සුවයක් ලැබිමට හේතු වේ.

විටිමින් D හා කැල්සියම් අඩංගු ආහාර

ඔබට පහසුවෙන් විටමින් D ලබා ගැනිමට උදැසන කාලයේ විනාඩි 20-25ක් පමන හිරැ එලියට නිරාවරණය විම තුළින් හැකියාව ලැබේ.ඊට අමතරව විටමින් D බහුලව අඩංගු ආහාර ලෙස
-හතු වර්ග
-සැමන්
-වියලි ධාන්ය වර්ග
-කිරි
-මෝර තෙල්

කැල්සියම් බහුල ආහාර
-කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන
-කුඩා මාලු වර්ග
-තද කොල පැහැ එලවලු වර්ග
මේ සියල්ල ඔබට සමබල ආහාර වේලකින් ලබා ගත හැකියි.

සැමට පොදු වූ සන්ධි රෝග වලින් ආරක්ෂා වී නිරෝගී දිවිපෙවතකට හිමිකම් කියන්න නම් අද Share Care කියලා දුන්න tips use කරන්න අමතක කරන්න එපා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!