මරණය පවා ගෙනදිය හැකි Tattoo

මෑතක් වන තුරුම සමාජයේ Tattoo ගැන තිබුණේ යහපත් අදහසක් නෙවෙයි. එහෙත් මේ වන විට තත්ත්වය වඩාත් යහපත් අතට හැරී තිබෙනවා. අතීතයේ Tattoo එකක් සහිත පුද්ගලයන් ගැන විවිධ විනිශ්චයන් සමාජය තුළ තිබුණත් වර්තමානයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව Tattoo කරන්න පෙළඹෙන බවක් පෙනෙන්නේ එහි කලාත්මක ගුණය ගැන බොහෝ දෙනෙක් තුළ ඇති කැමැත්ත නිසාමයි. වර්තමානයේ Tattoo යනු පුළුල් ලෙස පැතිරුණු කලාවක්. ඉතින් ඔබේ සිහිනය යථාර්ථයක් කරගැනීමට හොඳ ම කාලයයි මේ.
නමුත් Tattoo එකක් කරන්න පෙර ඔබ සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියනවා.Tattoo වලට තියෙන ප්‍රසිද්ධියත් එක්කම ගොඩක් අය හිතනවා tattoo එකක් කරන එකේ කිසිම risk එකක් එහෙමත් නැත්නම් අවධානමක් නැහැ කියලා.ඒත් ඇත්තටම tattoo එකක් කරනවා කියන්නේ ගොඩක් ලොකු අවධානමක් .Tattoo එකක් කරන්න ආසාවෙන් ඉන්නවනම් හරි දැනටමත් tattoo එකක් කරලා තියෙනව නම් හරි අනිවාර්යයෙන්ම මේක කියවන්නම වෙනවා.

Tattoo එකක් කියන්නේ මොකක්ද ?

සමෙහි ස්ථරය ඉඳිකටුවලින් සිදුරු කරමින් සුවිශේෂී වූ වර්ණක වර්ගයක් පුරවමින් සිදු කරනු ලබන කලා නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. මෙය සමහරු අර්ථයක් සහිතව කරනු ලබන අතර සමහරු හුදෙක් අලංකාරය පිණිස පමණක් ම කරනු ලබනවා. මේ වන විට කලු පාට මෙන්ම විවිධ වර්ණවල ටැටූ ද දක්නට ලැබෙනවා.
අතීතයේදී සමෙහි ස්ථර 5ක් 6ක් දක්වා මෙය සිදු කළත් මේ වන විට දියුණු වූ තාක්ෂණය සමඟ සමෙහි ස්ථර 2කින් පමණ ටැටූ නිර්මාණ සිදු කරනු ලබනවා. දක්ෂ ටැටූ නිර්මාණ ශිල්පියෙක්ට ඔබේ සිරුරෙන් නිකුත්වන තරලය ම යොදාගෙන shadings දමන්නට පුළුවන්.

මෙසේ සම සිදුරු කරමින් තීන්ත සිරුරට ඇතුළු කිරීම නිසා ඔබට විවිධ ආකාරයේ ආසාත්මිකතා ඇති වීමේ ඉඩක් තියෙනවා ,
ඉතින් ඒ නිසා tattoo නිසා සිදුවෙන ආසත්මිකතාවක් අදුරගන්නේ කොහොමද ,ආසත්මිකතාවකට ප්‍රතිකාර කරන්නේ කොහොමද වගේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා.

ආසාදිත tattoo එකක් අදුරගන්නේ කොහොමද ?

Tattoo අසාත්මිකතා වල ප්‍රධානම ලක්ෂණය තමයි tattoo එක තියෙන හරිය රතු වීම සහ ඉදිමීම.ඔබට තියෙන්නේ sensitive skin එකක් නම් tattoo එක කරන්න භාවිතා කරන ඉදිකටුව නිසා මේ ලක්ෂණ එන එක සාමාන්‍ය දෙයක්.එවිට දවස් 2,3 ක් යද්දී මේ ලක්ෂණ නැති වෙලා යනවා.නමුත් මේ රෝග ලක්ෂණ සතියක් හෝ ඊට වැඩි කාලයක් තියෙනවා නම් ඔයාගේ tattoo artist ව හෝ doctor ව අනිවාර්යයෙන්ම හමුවෙන්න අවශ්‍යයි .

ආසාදිත tattoo එකක ලක්ෂණ

  • උණ
  • Tattoo එක අවට රස්නෙට දැනීම
  • අසාමාන්‍ය විදියට වෙව්ලීම
  • Tattoo එක තියෙන ප්‍රදේශය ඉදිමීම
  • Tattoo එක තියෙන ප්‍රදේශයෙන් සැරව ගැලීම
  • රතු වීම හෝ තුවාල ඇති වීම

ආසාදිත tattoo එකකට ප්‍රතිකාර කිරීම

Tattoo එක අවට රතු වීමක් වගේ දෙයක් තියෙනවා නම් ඔබට ගෙදරදීම antibacterial ointment එකක් භාවිතයෙන් පිරිසිදු කරගන්න පුළුවන්.
එහෙත් ඉහත සදහන් අනෙකුත් ලක්ෂණ ඔබ තුළ ඇත්නම් වෛද්‍යවරෙක් මුණගැසෙන එක තමා හොදම.
ඔබගේ ආසාදනයේ ප්‍රමාණය අනුව වෛද්‍ය ප්‍රතිකාර වෙනස් වෙන්න පුළුවන්.
සති කීපයක්,මාසයක් antibiotic treatment වලින් සමහර tattoo අසාත්මිකතා සුව කරන්න පුළුවන්.ඒ වගේම තමා tattoo අසාත්මිකතා නිසා ඔබගේ සමේ සෛල මියගොස් තිබ්බොත් ශල්‍යකර්මයක් කරන්නම වෙනවා.
දැන් තේරෙනවා නේද tattoo අසාත්මිකතා වල තියෙන බරපතල කම.

Tattoo ආසාත්මිකතා වලින් බේරෙන්නේ කොහොමද ?

  • Tattoo එකක් කරන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම patch test එකක් කරන්න ඕනේ.එවිට ඔබට බලාගන්න පුළුවන් tattoo එකට භාවිතා කරන තීන්ත මගින් අසාත්මිකතාවක් ඇති වෙන්න පුලුවන්ද කියලා .
  • ඒ වගේම තමා tattoo artist ගෙන් තීන්ත එකේ අඩංගු ද්‍රව්‍ය සහ තත්වය පිලිබදව අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ.
  • Patch test එකෙන් ඔබට ආසත්මිකතාවක් ඇති වුණොත් හෝ තීන්ත සැදීමට භාවිතා කරපු ද්‍රව්‍ය වලට කලින් ඉදන්ම allergy තත්ත්වයක් තියෙනවනම් කවදාවත්ම tattoo එකක් නම් ගහන්න එපා.මොකද fashion එකට වඩා තමන්ගේ ජීවිතය වටිනවනේ.
  • වැදගත්ම දෙයක් තමයි tattoo එක කරන්න භාවිතා කරන needles ,gloves හැම දෙයක්ම සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කරලා තියෙනවද කියලා දැනගන්න ඕනේ.
    කවදාවත් මේ දේවල් ගැන හරියටම අහලා දැන ගන්න නම් ලැජ්ජා වෙන්න එපා.ඔබ fashions කරන්න නම් මුලින් ජිවත් වෙලා ඉන්න ඕනේ.ඔබගේ සෞඛ්‍යය තමා හැම තැනකදීම අංක එක වෙන්නේ.

Tattoo එකක් කරන්න කලින්දැනගන්න ඕනේ තවත් දේවල්

  • Tattoo shop එකක් පටන් ගන්න පිළිගත් බලපත්‍රයක් තියෙනවද ?
  • Tattoo artist ගේ working experience කොහොමද ?
  • Tattoo artist ආරක්ෂිත ක්‍රියා පටිපාටි අනුගමනය කරනවාද?
  • හැම වෙලේම විෂබීජහරණය කරපු needles ,උපකරණ use කරනවද?
  • ඔයාගේ health එකට tattoo එකක් match වෙනවද?

මේ දේවල් 100% හරියනවා නම් නම් ඔබ tattoo එකක් කලාට කමක් නෑ.ඉතින් මෙච්චර කල් හිතන් හිට්යේ tattoo එකකින් ඔයාගේ personality එකට හානියක් විතරයි වෙන්නේ කියලනේ.ඇත්තටම කිව්වොත් personality එකට නම් කිසිම හානියක් වෙන්නේ නෑ.හැබැයි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන්නන් වාලේ කරලොත් tattoo එකකින් ඔබට ජිවිත තර්ජනයක් වුණත් එන්න පුළුවන්.ඉතින් මේ දේවල් මතක තියගෙන ආරක්‍ෂිත විදියට fashion කරන්න.අමතක කරන්න එපා ඔබගේ සෞඛ්‍ය තමා අංක එක .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!