දෑස් වලට දිස්නේ දෙන සෙලීනා ගෝමස්ගේ magic එක

මිනිසාගේ මුහුණේ වඩාත් ආකර්ෂණීයම කොටස දෑස් බව මීට වසර කීපයකට ඉහතදී ඇමරිකාවේ සුප්‍රසිද්ධ මනෝ විද්‍යාඥයෙකු වන ඩැනියෙල් ගිල් සිදුකළ අධ්‍යනයකින් සනාථ වුණා .රුව අලංකරණයට වැඩි උනන්දුවක් නොදක්වන කාන්තාවන් පවා දෑස් අලංකරණයට ඇතැම් විඅට උනන්දුවක් දක්වන්නේ දෑසේ සරල හැඩ ගැන්වීමකින් පවා මුහුණට හොද දිස්නයක් ලැබෙන නිසායි .මේ නිසාම දෑස් යට ඇති වෙන අවපැහ ගැන්වීම් සහ ඉදිමුම්වලට කාන්ත්වන්ගේ කාන්තාවන්ගේ දෑස් වල ආකර්ෂණය පමණක් නොව සිතේ සතුටද නැතිකර දැමීමේ හැකියාවක් තියෙනවා .
ඒ නිසා අද Share Care අරගෙන ආවේ ඇස් යට ඉදිමුම් ,අවපහගැන්වීම් ආදිය පහසුවෙන්ම ඉවත් කර දමනා සුවිශේෂී සත්කාරයක් පිළිබදවයි .

Lymphatic Drainage

මෙම සත්කාරය හදුන්වනු ලබන්නේ Lymphatic Drainage යන නමින් .සත්කාරයේදී සිදු කරන්නේ දෑත් සහ ඇඟිලි භාවිතයෙන් මෘදු චලන සහ පීඩන යොදමින් වසා ගැටිති තෙරපවීමයි .එම තෙරපවීම හරහා ඇස් යට ඉදිමුම් ,අවපහැගැන්වීම් ආදිය ඉවත් කිරීමට පුළුවන් .මෙම වසා ගැටිති තෙරපවිමේ ක්‍රමවේදය ලොවට හදුන්වා දුන්නේ ඩෙන්මාර්ක් භෞත චිකිත්සකවරියක් වෙන එමිල් වොචර් ය . ඉන්පසු ලොව ප්‍රකට වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම එම ක්‍රමවේදය පිළිබදව යම් යම් සමීක්ෂණ සහ අධ්‍යන සිදුකල අතර ඒ සියල්ලෙන්ම තහවුරු වූයේ වසා ගැටිති තෙරපීමෙන් නිසැකවම ඇස් යට වන ඉදිමුම් ඉවත් කළ හැකි බවයි .
වසා පද්ධතිය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත්ම අංගයකි .මිනිස් සිරුරේ වසා ගැටිති 800 කට වඩා පිහිටා තිබෙන අතර වසා තරලය ලෙස හැදින්වෙන තරල මගින් ශරීරයට ඇතුළු වෙන බැක්ටීරියා ,වයිරස සහ ආගන්තුක ද්‍රව්‍ය වසා ගැටිති වලට රැගෙන ගොස් විනාශ කර දමයි .වසා පද්ධතිය තුළ යම් අවහිර වීමක් සිදු වූ විට මේ වසා තරලය නිසි ලෙස ගලා නොයන නිසා එය ඇස් යට ,කකුල් ,අත්,ඇඟිලි ආදී ස්ථාන වල ඒකරාශී වී ඉදිමුම ඇති වෙනවා .තරල අතිරිකත්ය මෙසේ එක තැනක සිරවීම නිසා වසා පද්ධතියේ විෂ ප්‍රමාණය ඉහල යාම සමේ සීබම් මට්ටම ඉහළ යාමට හේතු වෙනවා .කුරුලෑ ඇති ප්‍රධානම හේතුව වන්නේද මෙලෙස සමේ සීබම් ඉහළ යාමයි .

සෙලීනා ගෝමස් හා කිම් කාර්ඩෂියන් ගේ සත්කාර

සත්කාරයේදී සිදු කරන්නේ වසා ගැටිති තෙරපීමෙන් වසා තරලය හොදින් ගලා යාමට ඉඩ සැලැස්වීමයි .එහි මූලික අරමුණ ඇස් යට වන ඉදිමුම් සහ අවපැහ ගැන්වීම් ඉවත් කිරීම වූවත් ලැබෙන ප්‍රතිලාභ එපමණකට සිමා වෙන්නේ නම් නැහැ .මෙමගින් රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයද වැඩි වෙන නිසා සත්කාරයේදී සමට හොද ඔක්සිජන් සැපයුමක්ද ලැබෙනවා .එම නිසා සම පැහැපත් කරන සත්කාරයක් ලෙසද හදුන්වන්න පුළුවන් .
එසේම මෙමෙ සත්කාරය සෙලීනා ගෝමස් ,කිම් කාර්ඩෂියන් , කයිලි ජෙනර් ,ඇන්ජලිනා ජොලි වැනි සුපිරි හොලිවුඩ් තරු වලත් ප්‍රියතම සත්කාරයක් බව ඔවුන්ගේ පෞද්ගලික භෞත චිකිත්සකවරිය වන ෆ්ලෙවියා ලැතිනි වරක් මාධ්‍යට හෙළි කර තිබුණා .

මසකට වරක්

ඇත්තටම මේ සත්කාරය කරගන්න ඇස් යට අවපැහ ගන්වෙනකන්ම සිටීමට අවශ්‍ය වන්නේ නැහැ .මසකට වරක් ඔබට මෙම සත්කාරය කරන්න පුළුවන් නම් eye bags ඇති වීමත් වලක්වා ගන්නත් පුළුවන් .ඒ වගේම ශරීර සෞඛ්යටත් ඉතාම හොදයි .දැනටම eye bags ,ඇස් යට කළු වීම ඇති වී තිබෙන කෙනෙක්ට නම් වාර 6ක් මෙම සත්කාරය සිදුකළොත් ඉක්මනින්ම හොද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා . සත්කාරය වඩා යෝග්‍ය වයස ලෙඩ අවුරුදු 30ට වැඩි කාන්තාවන් බව මතක තබා ගත යුතුයි . ඒ වගේම උදේ වරුවේ Lymphatic Drainage සත්කාරය කරන එක තමයි වඩාත්ම හොද .
මූලික පියවර ලෙස මුලින්ම එන්සයිම පීල් එකක් කරනවා .ඊට පස්සේ සමට ගැළපෙන toner එකකින් සම හොදින් toner කරගන්නවා .අන්තිමට Lymphatic Drainage oil එකකින් වසා ගැටිති උත්තේජනය කිරීමට පටන් ගන්නවා .ඊළග පියවර විදියට සිරම් එකක් ගල මුහුණ හොදින් සම්බාහනය කරනවා .සම මොයිස්චරයිස් කරන එක තමයි අවසාන පියවර වෙන්නේ .

මෙම Lymphatic Drainage සත්කාරය ඔබට නිවසේදී මෙන්ම පළපුරුදු රුපලාවන්‍ය ශිල්පියෙකුගෙන් වුණත් සිදු කරගන්න පුළුවන් . එසේම වසා ගැටිති ඉදිමුම් ,දෑත්, දෙපා සහ ඇඟිලි වල මතුවන ඉදිමුම් හෝ දිගින් දිගටම මතුවෙන ඇස් යට ඉදිමුම් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් බව විශේෂයෙන් සදහන් කළයුතුයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!