කුස්සියේ saloon එකෙන් අත් යට කළු වීමට නොවරදින විසඳුම

සමාජයේ ගොඩාක් දෙනෙක් මුහුණපාන ගැටලුවක් විදිහට අත් යට කළු වීම හඳුන්වන්න පුලුවන්. කිහිළි වල නැතිනම් අත් යට තද අදුරු පැහැයෙන් පැවතීම වර්ථමානයේ බොහෝ දෙනෙකුට ඇති පොදු ගැටළුවක් ලෙස සලකන්න පුළුවන්. අත් යට කළු පැහැ වීම සහ අනෙකුත් ශරීරයේ ඇති වන රෝගාබාධයන් අතර සම්බන්ධයක් නැති අතර එම නිසා කිහිළි වල කළු පැහැ වීම පිළිබද අනවශය බියක් ඇති කර ගත යුතු නැහැ .මෙම කිහිළි වල කළු පැහැ ගැන්වීමේ තත්වය වෛද්‍ය විද්‍යාවේදී ඇකන්තෝසිස් නිග්රිකන්ස් ලෙස හදුන්වනු ලබනවා. මෙහිදි සිදු වන්නේ කිහිළි යට ඇති සම ඝණ වීම නිසා කළු පැහැයට හැරීමයි.නමුත් මෙය සමාජීය වශයෙන් ගැටළු ඇති කරන තත්වයක් නිසා බොහෝ දෙනා තමන්ගේ අදුරු පැහැ වූ අත් යට නැති නම් කිහිළි නොපෙන සේ ඇදුම් ඇදීමට පුරුදු වී සිටිනවා. තවත් විටක මෙම අත් යට කළු පැහැය නිසා ඔබට කැමති ඇදුම් විලාසිතාවක් කිරීම අපහසු වීමට පුළුවන් . නමුත් අද Share Care ඔබට පෙන්වන්නේ කිහිළි වල කළු පැහැය ඉවත් කර ඔබගේ අත් යට පැහැපත් කර ගත හැකි සරළ ආකාර කිහිපයක් පිළිබදව යි .

යෝගට් සහ කහ

කහ වල ඇති ඇන්ටිඔක්සිඩන්ට් නිසා සමට පැහැපත් බවක් වගේම සම සුදු කරනවා. කහ අමතර මෙලනින් වලට එරෙහිව ක්‍රියාකරන අතර නිවසේදී කහ ආලේප කළ පසු හිරු එළියට නිරාවරණය නොවන්නට වගබලා ගතයුතුයි. නැතිනම් සම මතු පිට කළු ලප හා හිරු එළියට පිළිස්සීමට ඉඩ තිබෙනවා.ඒ වගේම කිරි වල තියෙන ලැක්ටික් කියන අම්ලයට සම පැහැපත් කිරීමේ හැකියාව පවතිනවා.

  • භාවිතා කරන ආකාරය
    යෝගට් මේස හැඳි දෙකකට කහ මේස හැන්දක් එකතු කරලා හොදට mix කරගන්න .ඊටපස්සේ අත් යට ආලේප කරලා විනාඩි 20කින් සෝදන්න .මේකෙන් ඔයාගේ අත්යට අවපැහැය නැති කරනවා විතරක් නෙමෙයි විසබිජත් නැති කරනවා

අර්තාපල්

අර්තාපල් කියන්නෙත් අත් යට අඳුරු පැහැය ඉවත් කරන්න යොදා ගන්න පුළුවන් ගොඩාක් හොද ප්‍රතිකාරයක්. අර්තාපල් වල තියෙන ස්වභාවික බ්ලීචින් ඒ සඳහා උපකාරී වෙනවා.

  • භාවිතා කරන ආකාරය
    අර්තාපල් සිහින් පෙති කපාගෙන අත් යට ගාන්න. එහෙම නැත්නම් අර්තාපල් පෙති විනාඩි 15 ක් හෝ 20 ක් අත යටින් තියලා ඊට පස්සේ සෝදන්න.මේ සත්කාරය දිනපතා කරනවානම් ඉක්මනින් හොඳ result එකක් ගන්න පුළුවන්

කෝමාරිකා

කෝමාරිකා කියන්නේ ගොඩක් වටින ශාකයක් .සිරුරේ තියෙන ඕනෑම ලෙඩකට ප්‍රතිකාර කිරීමට තරම් විස්මිත බලයක් කෝමාරිකා වලට තියෙනවා .ඉතින් අත් යට කළු වීමට ප්‍රතිකාර කරන්නත් කෝමාරිකා භාවිතා කරන්න පුළුවන් .

  • භාවිතා කරන ආකාරය
    රෑට නිදාගන්න කළින් කෝමාරිකා Gel අත් යට ආලේප කරන්න. ඊටපස්සේ උදේට සෝදලා ඉවත් කරන්න . දිනපතා ඉවසීමෙන් මේ දේ කළොත් ඉක්මනින්ම අත් යට අවපැහැය නැති කරගන්න පුළුවන් .

බේකින් සෝඩා

බේකින් සෝඩා යොදා ගෙන කරන ප්‍රතිකාරයෙන් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මැරුණු සම නිසාත් අත්යට කළු වෙන්න පුළුවන්. මේ සඳහා හොදම ප්‍රතිකාරය තමයි බේකින් සෝඩා .මොකද බේකින් සෝඩා වලට ශරීරයේ මැරුණ සම ඉවත් කරන්න හැකියාව තියෙනවා .

  • භාවිතා කරන ආකාරය
    බේකින් සෝඩා ජලය සමග මිශ්‍ර කර ගන්න. මිශ්‍රණය ඔබගේ අඳුරු පැහැ අත් යට ආලේප කරන්න. මිනිත්තු 10-15ත් අතර ප්‍රමාණයක් තබන්න. ඉන් පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.සතියකට 3-4 වරක් ආලේප කරන්න.

ලෙමන්

ලෙමන් වල සම සුදු වගේම මෘදු කරන ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු වෙනවා.

  • භාවිතා කරන ආකාරය
    ලෙමන් පෙත්තක් අත්යට ආලේප කරන්න. මිනිත්තු 15-20 කට පසු මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට දිනකට දෙවරක් පමණ ආලේප කරන්න.

පොල්තෙල්

පොල් තෙල් අත් යට අඳුරු බව ඉවත් කරන්න තවත් හොඳ විකල්පයක්. පොල් තෙල් වල විටමින් E අඩංගු වන නිසා ස්වාභාවිකව සම පැහැපත් කරන්නත් උදවු වෙන අතරම ස්වාභාවික ඩියෝඩ්රන්ට් ලෙසත් කටයුතු කරනවා.

  • භාවිතා කරන ආකාරය
    අඳුරු වූ අත් යට පොල් තෙල් ආලේප කර විනාඩි 10 – 15 දක්වා තියෙන්නට හැර මෘදු සබන් යොදා සෝදාහරින්න.
    නෑමට පෙරත් කළුපැහැ ගැන්වූ ප්‍රදේශයන් වල පොල්තෙල් ආලේප කරන්න පුළුවන් .

සීනි සහ ඔලිව් ඔයිල්

මේ සදහා රතු සීනී තේ හැදි 3ක් සහ ඔලිව් ඔයිල් තේ හැදි 2ක් අවශ්‍ය වේ. සිනී සහ ඔලිව් ඔයිල් හොදින් මිශ්‍ර කර එම මිශ්‍රණය ඔබගේ අත් යට ගල්වා විනාඩි 2ක් පමණ හොදින් මසාජ් කර පසුව විනාඩි 10ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියට දෙවරක් බැගින් සති 3ක් පමණ මෙම ක්‍රමය කිරීමේදී අත් යට කළු පැහැය ඉවත් කර ගත හැකිය.

ආමන්ඩ් ඔයිල්

මෙය ඉතා සරළ සහ පහසු ක්‍රමයක් වන අතර මේ සදහා ඔබ කළ යුත්තේ ආමන්ඩ් ඔ‍යිල් බින්දු කිහිපයක් ගෙන ඔබගේ අදුරු පැහැ ගැන්වූ කිහිළි වල ගල්වා විනාඩියක් පමණ හොදින් මාසාජ් කර විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න. වඩා හොද ප්‍රතිඵල සදහා මෙම ක්‍රමය සෑම දිනකම සති 3ක් පමණ සිදු කර ගත යුතුය.

පිපිඤ්ඤා

අර්තාපල් වල වගේම පිපිඤ්ඤා වලත් ස්වභාවික බ්ලිචින් අඩංගු වෙනවා. සිහින් පිපිඤ්ඤා පෙත්තක් ගෙන අත් යට අතුල්ලන්න. එහෙමත් නැත්තන් පිපිඤ්ඤා යුෂ අත් යට ආලේප කරන්න. ප්‍රතිඵල ලැබෙන තෙක් දිනපතා මේ සත්කාරය කරන්න. පිපිඤ්ඤා යුෂ වලට කහ සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර අලේප කිරීමත් වඩා ප්‍රතිඵලදායකයි.

දොඩම් ලෙලි

දොඩම් ලෙලි අව්වේ හොඳින් වෙලා කුඩු කර ගන්න. කුඩු කර ගත් දොඩම් ලෙලි කුඩු තේ හැඳි 3කට රෝස වතුර තේ හැඳි 2ක් සහ කිරි තේ හැඳි 1ක් මිශ්‍ර කර පිරිසිදු කර ගත් අත් යට අලේප කරන්න. විනාඩි 15කින් පමණ සිසිල් ජලයෙන් සෝදා හරින්න. අත් යට සම පැහැපත් කරන්න දොඩම් ලෙලි සත්කාරයට පුළුවන්.

අත් යට කළු වීම නිසා දුකින් හිටිය කාලේ ඉවරයි . දැන් මිල අධික ක්‍රීම් වර්ග වලට මුදල් වියදම් කරනවට වඩා ගෙදරදීම සොයාගත හැකි මෙම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ඔබේ කළු වූ අත්යට ප්‍රදේශයට පැහැපත් පෙනුමක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ඔබට පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් 100%ක් ස්වභාවික දේවල් තමයි මේ සඳහා ඕන කරන්නේ. අවශ්‍ය කරන්නේ ඔබ වෙනුවෙනුත් පොඩි වෙලාවක් හොයා ගන්න එක විතරයි.ඔබේ සුන්දරත්වය ඔබේ සතුට Share Care අපිට හුඟක් වටිනවා.
හැබැයි ඔයා මේ මොන ප්‍රතිකර්මය කරත් ඊට කලින් අත් යට දහදිය හා කුණු දුවිලි ඉවත් වෙන විදියට හොඳින් පිරිසිදු කර ගන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!