බර අඩු කරන චොක්ලට් ගැන ඔබ නොදත් කතාව

චොක්ලට් කිව්වොත් වෙන මොනවද ඉතින්. ගෑනු ,පිරිමි ,බාල, මහලු ,උස් ,පහත් වෙනසක් නැතුව ඕනම කෙනෙක් රස කරන කෑමක්. චොක්ලට්වල හොඳ නරක ගැන එක එක අය එක එක කතා කියනවා. චොක්ලට්වල භයානකකම ගැන සමහරු කතා වෙනකොට තවත් සමහරු කියන්නෙ, නෑ චොක්ලට් එච්චර නරක කෑමක් නෙමෙයි කියල.චොක්ලට් කියන්නෙ ඉතා ප්‍රණීත ආහාරයක් පමණයි කියලා කෙනෙක් හිතුවත් ඊට වඩා දෙයක් චොක්ලට් වල අන්තර්ගත වන බව ඔබ දන්නවාද? ඉතින් Share Care අද අරගෙන එන්නේ චොක්ලට්වලට පෙම් බඳින ඔබ දැනගත යුතුම කාරණා කීපයක් .

කොකෝවා ඇට වලින් චොක්ලට්

චොක්ලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි ඇට වලින් සාදන ආහාරයක්. චොක්ලට් පිළිබඳ පළමු ලිපි ලේඛන හමුවන්නේ ක්‍රි.පූ.1100 දී පමණ සිටයි . මීසෝ-ඇමෙරිකානුවන් චොක්ලට් පානයක් ලෙස භාවිතා කර ඇති අතර ඇස්ටෙක් ජනයා මෙම පානය තිත්ත පානය යන නමින් හැදින්වූවා. මෙම තිත්ත රසය කොකෝවා සඳහා ආවේණික වූවාක් වන අතර එම රස ඉවත් කිරීම සඳහා කොකෝව මද පසවීමට ලක් කරන්න ඕනේ . කොකෝවා මද පැසවීමෙන් පසුව වියළා පිරිසිදු කර කුඩු කර ගැනෙනවා . මෙක්සිකෝවේ සහ දකුණු අප්‍රිකාවේ මිලියනයකට අධික වගා බිම් ප්‍රමාණයක කොකෝවා වගා කරනවා. චොකලට් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කොකෝවා ඇට සියයට හැටක්ම ලැබෙන්නේ බටහිර අප්‍රිකාවේ, ඝානාවේ අයිවරි කෝස්ට් ජනතාවගෙන්.ඝන කොකෝවා, කොකෝවා බටර්, රස එකතු නොකල චොක්ලට් කුඩු යනාදිය නිෂ්පාදන කෙරෙනවා . ඝන කොකෝවා , කොකෝවා බටර් සහ සීනි එක් කිරීමෙන් රසැති චොක්ලට් බවට පත් කෙරෙනවා. පාශ්චරිත කිරි සහ කිරි පිටි එක් කිරීමෙන් සුදු පහ කිරි රසැති චොක්ලට් නිපදවනු ලබනවා.

ශරීරයේ බර අඩු කර ගැනීමට

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අධික තරබාරුව. ඉතින් කෙට්ටු වෙන්න නොයෙකුත් දේ කරන ඔබ දැනගෙන හිටියද චොක්ලට් කියන්නෙ තරබාරුවට හොඳ විසඳුමක් කියලා. ඒ වගේම තමයි ඩාර්ක් චොක්ලට් වලට හැකියාව තියෙනවා ඔබේ ශරීරයේ සීනි මට්ටමත් අවම කිරීමට. ඉතින් ඔබත් අධික තරබාරුව නිසා පසුතැවෙන කෙනෙක්නම් දැන් ඔබට පුළුවන් දිනකට චොක්ලට් කැබැලි 4ක් 5ක් පමණ ආහාරයට ගැනීමෙන් මේ තරබාරුවෙන් මිදෙන්න.

හෘද රෝග අඩු කරයි

චොක්ලට් සැදීමට භාවිතා කරන කොකෝවා වල flavonoids සංගටය අඩංගු වෙන බැවින් චොක්ලට් ආහාරයට ගැනීමෙන් විශාල වශයෙන් හෘද සනීපාරක්ෂාව වැඩි දියුණු වෙනවා. මේ හේතුවෙන් රුධිර කැටි ගැසීම වලක්වා රුධිර පීඩනය අවම කිරීමේ හැකියාව චොක්ලට් සතුව තියෙනවා .ඔබත් හදවත් රෝග වලින් ආරක්ෂා වෙන්න කැමති නම් දවසට පොඩි චොක්ලට් කෑල්ලක් කන්න අමතක කරන්න එපා .

සම රැක ගැනීමට

චොක්ලට් වල flavonoids අඩංගු වන බැවින් චොක්ලට් වලට හැකියාව තියෙනවා ඔබගේ සම හිරු එළියේ පවත්නා UV කිරණෙන් ආරක්ෂා කර ගැනීමට. ඒ විතරක් නෙමෙයි චොක්ලට් වලට හැකියාව තියෙනවා සම මතුපිටට රුධිරය ගලා ඒම වැඩි කොට සමේ තෙතමනය ආරක්ෂා කරන්නත්.

Mood fix කරන්න

අපි චොක්ලට් කන්නේ ගොඩක් වෙලාවට සතුටු දායක මොහොතක් සමරන්න නේද. ඇත්තටම චොක්ලට්වලට හැකියාවක් තියනවා මානසිකත්වය එහෙමත් නැත්නම් අපේ මූඩ් එක වෙනස් කරන්න. වඩාත් තද පැහැති චොක්ලට් වල අඩංගු වන රසායනික ද්‍රව්‍යන්ට හැකියාව තියෙනවා ඔබගේ හැඟිම් උද්දීපනයට.

චොක්ලට් පානය

අපි දන්නවා චොක්ලට් වල අඩංගු කොකෝවා රුධිර වහනයට මනා දායකත්වයක් සපයන බව. නමුත් ඔබ දැන සිටියාද චොක්ලට් කැබලි ආහාරයට ගන්නවාට වඩා දියරයක් ලෙස ගැනීමෙන් ශරීරයට ඉතා ගුණදායක බව.ඒ වගේම තමයි චොක්ලට් අහාරයට ගැනීමේදී අපි ගන්න ඕනෙ වඩාත් තද පාට චොක්ලට් . මොකද සුදු චොක්ලට් වල කොකෝවා අන්තර්ගත නොවන නිසා එය එතරම් ගුණදායක නොවේ.

වෙනත් ඇසුරුම් කරන ලද ආහාර වර්ග මෙන්ම ඔබ චොක්ලට් මිලදී ගැනීමට පෙර ඇසුරුම කියවීම ඉතාම වැදගත්. ඔබ මිලදී ගන්න චොක්ලට් වර්ගය අනිවාර්යෙන්ම කොකෝවා ප්‍රතිශතය වැඩි, සෞඛ්ය ප්‍රතිලාභ වැඩි චොක්ලට් වර්ගයක් විය යුතුයි. ඉතාමත් හොඳ වෙළඳ සන්නමයක් වීමත්, පිරිසිඳු, අදුරු එනම් තද දුඹුරු පැහැයෙන් යුක්ත වීමත් මෙහිදී වැදගත්. සමහර චොක්ලට්වලට අමතර සීනි, පැණි රසකාරක, කිරිපිටි, තෙල්, වගේ දේවල් ඇතුලත් කරනවා. මේ නිසා ලේබලය හොඳින් කියවා කොකෝවා බහුල චොක්ලට් වර්ගයක් තොරා ගන්න අමතක කරන එපා . ඉතින් මේ නිසාම හැකි සෑම විටම ඩාර්ක් චොක්ලට් වලට සීමා වෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!