ඇතුවත් බැරි නැතුවත් බැරි Vitamin B3

අප ලබා ගන්නා පෝෂණීය ආහාර වර්ග මඟින් දෛනිකව අප ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ග ඉතා පහසුවෙන් ලබා ගත හැකියි. නමුත් බොහෝ දෙනකු අනුගමනය කරනු ලබන වැරදි ආහාර රටාවන් හේතුවෙන් අපට අවශ්‍ය වන විටමින් වර්ග නොලැබී යෑමටත් ඉඩ තිබෙනවා.

මොනවද මේ Vitamin B3

Niacin ලෙසත් හැඳින්වෙන vitamin B-3 කියන්නේ vitamin අටෙන් එකක් . අප ගන්නා ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීමේ කාර්යභාරයක් ඉටු කරන්නේ vitamin B-3 . එය ශරීරයට ප්‍රෝටීන සහ මේද භාවිතා කිරීමට උපකාරී වන අතර එය සම, හිසකෙස් සහ ස්නායු පද්ධතිය නිරෝගීව තබා ගනී.vitamin B-3 වලට ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ හැකියාවක්ද තියෙනවා .vitamin B-3 සඳහා වන අනෙකුත් නම් අතර nicotinamide, nicotinic acid, සහ vitamin PP ඇතුළත් වේ.
මුත්‍රා මගින් සිරුරට අවශ්‍ය නොවන vitamin B-3 බැහැර කිරීම සිදු කරනවා. ශරීරය vitamin B-3 ගබඩා නොකරන අතර සෑම දිනකම එය ආහාරයට ගත යුතුය.
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් පුද්ගලයෙකුගේ vitamin B-3 අවශ්‍යතාව සපුරාලන්න පුළුවන් .

vitamin B-3 ඌනතා රෝග ලක්ෂණ

  • සමේ pigmented rash ඇති වීම
  • සම රළු ස්වභාවයක් ගැනීම
  • දීප්තිමත් රතු පැහැති දිව
  • තෙහෙට්ටුව හෝ උදාසීනත්වය
  • වමනය, මල බද්ධය සහ පාචනය
  • මානසික අවපීඩනය
  • හිසරදය
  • මතකය නැතිවීම
    vitamin B-3 ඌනතාවයෙන් පෙලග්‍රා ඇති විය හැක. එම තත්වය මාරාන්තික වෙන්න පුළුවන් .

vitamin B-3 අඩු වීමට හේතු

  • tryptophan අඩු ආහාර වේලක් ගැනීම
  • Hartnup රෝගය
  • පිළිකා රෝග
  • මන්දපෝෂණය
  • මත්පැන් භාවිතය නිසා ඇති වෙන ආබාධ
  • anorexia

vitamin B-3 වල වෛද්‍ය විද්‍යා භාවිතයන්

අතීතයේ දී, සමහර අය කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා ප්‍රතිකාරයක් ලෙස vitamin B-3 අනෙකුත් බෙහෙත් සමඟ ඒකාබද්ධ කරලා තියෙනවා .

අවදානම් සාධක

ආහාරවල අඩංගු vitamin B-3 ප්‍රමාණය අතුරු ආබාධ ඇති කරන්නේ නැහැ . කෙසේ වෙතත්, vitamin B-3 අධික මාත්‍රාවක් අතිරේකයක් ලෙස ගැනීමෙන් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් .
මේවාට ඇතුළත් වන්නේ

  • සමේ කැසීම
  • ඔක්කාරය
  • වමනය
  • මලබද්ධය
  • හිසරදය
  • කරකැවිල්ල
  • රක්තවාතය ඇති වේ
  • අක්ෂි ආබාධ ඇති වේ
  • ආමාශ ආන්ත්රයික ගැටළු වලට තුඩු දෙයි
  • අක්මාව හානිවීමේ අවදානම වැඩි වේ
  • රුධිර පීඩනය අඩු කිරීමෙන් සමබරතාවය නැති වී වැටීමේ අවදානම ඇති

vitamin B-3 සහිත ආහාර

  • හරක් මස් අක්මාව
  • අඹරන ලද කුකුල් මස්
  • සැමන්
  • පිසූ දුඹුරු සහල්
  • වියළි බැදපු රටකජු

ඉහත සඳහන් කරන ලද විටමින් වර්ග අඩංගු මිශ්‍රිත සමබර ආහාර වේලක් ලබා ගැනීම තුළින් මිනිස් සිරුර තුළ ඇති විය හැකි සියලුම සෞඛ්‍ය ගැටලු මඟහරවා ගත හැකියි. එමෙන්ම ශරීර පද්ධතියන්හි වර්ධනය සඳහා විටමින් හා මිනරල් වර්ග ඉතාම වැදගත් කාර්ය භාර්යයක් ඉටුකරන බැවින් නැවුම් පලතුරු, එළවළු, පලා වර්ග සහ ධාන්‍ය වර්ගවලින් දිනකට අවම වශයෙන් වර්ග 5ක් වත් තම ආහාර වේලට එකතු කර ගැනීම මඟින් ඔබගේ vitamin අවශ්‍යතාවය සම්පුර්ණ කරගන්න පුළුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!