අඩු වුණත් බැරි වැඩි වුණත් බැරි vitamin

අප ලබා ගන්නා පෝෂණීය ආහාර වර්ග මඟින් දෛනිකව අප ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ග ඉතා පහසුවෙන් ලබා ගත හැකියි. නමුත් බොහෝ දෙනකු අනුගමනය කරනු ලබන වැරදි ආහාර රටාවන් හේතුවෙන් අපට අවශ්‍ය වන විටමින් වර්ග නොලැබී යෑමටත් ඉඩ තිබෙනවා.
මිනිසුන්ට කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය කාබනික සංයෝග තමයි vitamin කියලා හදුන්වන්නේ . බොහෝ vitamin ආහාර වලින් අපි බාහිරින් ශරීරයට ලබාගත යුතු වෙනවා . මොකද ශරීරය ඒවා නිපදවන්නේ නැති නිසා සහ ඉතා සුළු ප්‍රමාණයක් නිපදවන බැවිනි. සෑම ජීවියෙකුටම විවිධ vitamin අවශ්‍යතා ඇත.
නිදසුනක් වශයෙන්, මිනිසුන්ට ඔවුන්ගේ ආහාර වේලෙන් vitamin C ලබා ගත යුතුය . නමුත් සුනඛයන්ට අවශ්‍ය සියලුම vitamin C නිපදවිය හැකිය.මිනිසුන් සඳහා ප්‍රමාණවත් තරම් vitamin D ආහාර වලින් ලබාගත නොහැක. මිනිස් සිරුර හිරු එළියට නිරාවරණය වන විට vitamin සංස්ලේෂණය කරන අතර vitamin D සඳහා හොඳම ප්‍රභවය මෙයයි.
විවිධ විටමින් vitamin ශරීරයේ විවිධ භූමිකාවන් ඉටු කරන අතර නිරෝගීව සිටීමට පුද්ගලයෙකුට අවශ්‍ය එක් එක් vitamin ප්‍රමාණය වෙනස් වෙනවා .

දැනට පිළිගත් vitamin වර්ග13 ක් තියෙනවා . මේ විටමින් වර්ග 13 මේදය හෝ ජලයේ ද්‍රාව්‍යය ලෙස කොටස් 2කට වෙන් කරන්න පුළුවන් .

1.මේද ද්‍රාවය vitamin

vitamin A , D ,E , K මේද ද්‍රාව්‍ය වේ. ශරීරය මේද පටක හා අක්මාව තුළ මේද-ද්‍රාව්‍ය විටමින් ගබඩා කරන අතර මෙම vitamin වල සංචිත ශරීරයේ මාස ගණනක් රැඳී සිටිය හැකිය.
ආහාර මේදය , ශරීරයට මේද-ද්‍රාව්‍ය විටමින් අවශෝෂණය කර ගැනීමට උපකාරී වේ.

2.ජලයේ ද්‍රාව්‍ය vitamin
ජලයේ ද්‍රාව්‍ය vitamin ශරීරයේ වැඩි කාලයක් රැඳී නොසිටින අතර ඒවා ගබඩා කළ නොහැක. ඒවා ශරීරයෙන් පිටවන්නේ මුත්රා හරහාය. මේ නිසා, මේදය-ද්‍රාව්‍ය ඒවාට වඩා ජලයේ ද්‍රාව්‍ය විටමින් නිතර සැපයීම අවශ්‍ය වේ.
vitamin C සහ සියලුම B vitamin ජලයේ ද්‍රාව්‍ය වේ.

  • vitamin වර්ග 13

1.Vitamin A

රසායනික නම් : retinol, retinal, beta carotene
මෙය මේද-ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: අක්ෂි සෞඛ්‍යයට එය අත්‍යවශ්‍ය වේ.
ඌනතාවය: මෙය රාත්‍රී අන්ධභාවයට හා keratomalacia වලට හේතු විය හැකි අතර එමඟින් ඇසේ ඇති පැහැදිලි ඉදිරිපස තට්ටුව වියළි හා වළාකුළු සහිත වේ.
ලබාගත හැකි ප්‍රභවයන්: කැරට්, මල්ගෝවා, අර්තාපල්, බටර්, නිවිති, වට්ටක්කා, සමහර චීස්, බිත්තර, කිරි

2.Vitamin B1

රසායනික නාමය: thiamine
මෙය ජලයේ ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: රුධිරයේ සීනි බිඳ දැමීමට උපකාරී වන විවිධ එන්සයිම නිපදවීම අත්‍යවශ්‍ය වේ.
ඌනතාවය: මෙය බෙරිබෙරි සහ  Wernicke-Korsakoff syndrome ඇති කරයි.
ලබා ගත හැකි ප්‍රභවයන්: ඌරු මස්, ධාන්‍ය, දුඹුරු සහල්, වට්ටක්කා, අර්තාපල්, දොඩම්, බිත්තර

3.Vitamin B2

රසායනික නාමය: Riboflavin
මෙයද  ජලයේ ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: ශරීරයේ සෛල නිපදවීමට හා වර්ධනයට එය අත්‍යවශ්‍ය වන අතර ආහාර පරිවෘත්තීය කියාවලියට ද උපකාරී වේ.
ඌනතාවය: තොල්වල දැවිල්ල සහ මුඛයේ දෙපස වන වීම රෝග ලක්ෂණ වේ.
ලබා ගත හැකි ප්‍රභවයන්: හතු, කෙසෙල්,තක්කාලි, බණ්ඩක්කා, චීස්, කිරි, යෝගට්, මස්, බිත්තර, මාළු සහ බෝංචි

4.Vitamin B3

රසායනික නම්: niyacin, niacinamide.
මෙයද ජලයේ ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: ශරීරයේ සෛල වර්ධනයට සහ එහි නියම ක්‍රියාකාරී බව පවත්වා ගැනීමට ශරීරයට niyacin අවශ්‍ය වේ. ඌනතාවය: මේවා අඩු වීමෙන් Pellagra (පෙලග්‍රා) නම් සෞඛ්‍ය ගැටළුවක් ඇති වන අතර එමගින් පාචනය, සමේ වන වීම් සහ බඩවැල් ආශ්‍රිත කැක්කුම ඇති වේ.
ලබා ගත හැකි ප්‍රභවයන්:  කුකුළු මස්, හරක් මස්, ටූනා, සැමන්, කිරි, බිත්තර, තක්කාලි, කොළ පැහැති එළවළු, කැරට්, ඇට වර්ග සහ බීජ, පරිප්පු ඇතුළත් වේ.

5.Vitamin B5

රසායනික නාමය: pantothenic acid
මෙයද  ජලයේ ද්‍රාව්‍ය වේ .
ක්‍රියාකාරිත්වය:ශරීරයට අවශ්‍ය  ශක්තිය හා හෝමෝන නිපදවීම සඳහා මේවා උපකාරි වේ.
ඌනතාවය: paresthesia නම් රෝගී තත්ත්ව ඇති කරයි.
ලබා ගත හැකි  ප්‍රභවයන්: මස්, ධාන්‍ය වර්ග,මල්ගෝවා, අලිගැට පේර සහ යෝගට් ඇතුළත් වේ.

6.Vitamin B6

රසායනික නම්: piradoxine, pyridoxamine, pyridoxel.
මෙයද ජලයේ ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: රතු රුධිරාණු නිපදවීමට ඉතා වැදගත් වේ.
ඌනතාවය: B6 අඩු වීමෙන් රක්තහීනතාවය හා neuropathy නම් ස්නායුගත රෝගි තත්ත්ව ඇති විය හැකිය.     
ලබා ගත හැකිප්‍රභවයන්:කඩල, හරක් මස්, කෙසෙල්.

7.Vitamin B7

රසායනික නාමය:biotin
මෙයද ජලයේ ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: ශරීරයේ ඇති ප්‍රෝටීන, මේද හා කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරයි. සම, හිසකෙස් සහ නියපොතු වල ව්‍යුහාත්මක ප්‍රෝටීනයක් වන කෙරටින් සෑදීමට දායක වේ.
ඌනතාවය: අඩු මට්ටම් මගින් dermatitis  හෝ බඩවැල්වල දැවිල්ල ඇති විය හැක.
ලබා ගත හැකි ප්‍රභවයන්: බිත්තර කහ මදය, සත්ත්ව අක්මා,මල්ගෝවා, නිවිති සහ චීස් ඇතුළත් වේ.

8.Vitamin B9

රසායනික නම්:folic acid,folnic acid.
මෙයද ජලයේ ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය :ප්‍රවේණික ද්‍රව්‍ය වන DNA සහ RNA සෑදීම සඳහා එය අත්‍යවශ්‍ය වේ.
ඌනතාවය: ගර්භණී සමයේදී මෙය කලලයේ  ස්නායු පද්ධතිය සැකසීමට බලපායි. ගර්භණී සමයට පෙර සහ පසුව ෆෝලික් අම්ල අතිරේක ලබා දීමට වෛද්‍යවරුන් නියම කරති.
ලබා ගත හැකි ප්‍රභවයන්: කොළ පැහැති එළවළු, ඇට වර්ග, රනිල කුලයට අයත් බෝග,  සත්තව අක්මා, ධාන්‍ය වර්ග

9.Vitamin B12

රසායනික නම්: cyanocobalamin,hydroxocobalamin, methylcobalamin.
මේවාද ජලයේ ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: නිරෝගී ස්නායු පද්ධතියක් සඳහා අත්‍යවශ්‍ය විටමිනයකි.
ඌනතාවය: අඩු මට්ටම් පැවතීමෙන් ස්නායුගත ආබාධ හා රක්තහීනතා තත්ත්වයන් වලට හේතු විය හැක.
ලබා ගත හැකි ප්‍රභවයන්: මාළු,කුකුළු මස්, බිත්තර, කිරි සහ වෙනත් කිරි ආශ්‍රිත නිෂ්පාදන,ධාන්‍ය වර්ග,සෝයා නිෂ්පාදන
Vegetarian පුද්ගලයින් හට B12 අතිරේක පෝෂකයක් ලෙස  ලබා ගැනීම අනිවාර්යය වේ.

  1. Vitamin C

රසායනික නාමය: ascorbic acid.
මේවාද ජලයේ ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: මේවා ශරීරයේ කොලජන් තන්තු  නිපදවීමට, තුවාල සුව කිරීම වේගවත් කිරීමටසහ අස්ථි සෑදීමට දායක වේ. තවද  රුධිර වාහිනී ශක්තිමත් කරයි, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පැවත්මට ද උපකාරි වීම, ශරීරයට යකඩ අවශෝෂණය කර ගැනීමට සහ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
ඌනතාවය: අඩු මට්ටම් පැවතීම නිසා විදුරුමස් වලින් ලේ ගැලීම, දත් ගැලවීම් සහ පටක දුර්වල වීම සහ තුවාලය සුව වී පරක්කු විමට හේතු වේ.
ලබා ගත හැකි ප්‍රභවයන්: මේවාට පළතුරු සහ එළවළු ඇතුළත් වේ, නමුත් ආහාර පිසින විටදී  විටමින් සී විනාශ වී යයි.

11.Vitamin D

රසායනික නම්: ergocalciferol, cholecalciferol.
මෙය මේද-ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: අස්ථිවල නිරෝගී පැවත්ම සඳහා එය අවශ්‍ය වේ.
ඌනතාවය: මෙය rickets (රිකට්ශියාව)සහ osteomalacia  (ඔස්ටියෝමලේෂියාව) හෙවත් අස්ථි මෘදු කිරීමේ රෝගය සඳහා හේතූ වේ.
ලබා ගත හැකි ප්‍රභවයන්: සූර්යයාගෙන් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් ශරීරයට අවශ්‍ය විටමින් ඩී නිපදවෙයි. මේද මාළු, බිත්තර සහ හතු වලද විටමින් අඩංගු වේ.

12.Vitamin E                                       

රසායනික නම්:trocopherol, tocotrienol
මෙය මේද-ද්‍රාව්‍ය විටමිනයකි.
ක්‍රියාකාරිත්වය: එහි ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය: විවිධ රෝග ඇති වීමේදී මේ මගින් අදාල පනිවිඩ ස්නායු පද්ධතියට ලබා දීම ඉක්මන් කරයි
ඌනතාවය: මේවා ඌන වීමෙන් ඇති වන රෝග දුර්ලභ ය, නමුත් එය අලුත උපන් දරුවන් තුළ රක්තහීනතාවය ඇති විය හැක.
ලබා ගත හැකි ප්‍රභවයන්: බිත්තර, ඇට වර්ග, පළා වර්ග සහ එළවළු තෙල් ඇතුළත් වේ.

13.Vitamin K

රසායනික නම්: phylloquinone,menaquinone
මෙයද මේද-ද්‍රාව්‍ය වේ.
ක්‍රියාකාරිත්වය: රුධිරය කැටි ගැසීම සඳහා එය අවශ්‍ය වේ. ඌනතාවය: අඩු මට්ටම් නිසා තුවාලයක් සිදු වූ විට රුධිර වහනය නවතාලීමට නොහැකි වීම.
ලබා ගත හැකි ප්‍රභවයන්:  පළා වර්ග, වට්ටක්කා සහ අත්තික්කා

Vitamin supplements

පලතුරු හා එළවළු බහුල වන සමබර ආහාර වේලක් විටමින් වල හොඳ ප්‍රභවයක් වෙනවා .
නමුත්, ගර්භණී කාන්තාවන්, සීමිත ආහාර වේලක් ඇති පුද්ගලයින්ට සහ විශේෂිත සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් සඳහා මීට වෙනස් ආකර වලින් වුවද විටමින් සිරුරට ලබා ගැනීමට සිදු වෙනවා .එහි එක් ආකරයක් තමයි Vitamin supplements ලබාගැනීම.
Vitamin supplements ලබා ගන්නා ඕනෑම අයෙකු උපරිම මාත්‍රාව නොඉක්මවා ඒවා ලබා ගත යුතු ය. වෛද්‍යවරුන් පවසන්නේ විටමින් අධික මාත්‍රා ගැනීම ශරීරයට අයහපත් බවයි .එවගේම සමහර ඖෂධ වලට Vitamin supplements සමඟ අන්තර් ක්‍රියා කරන්න පුළුවන් . ඒ නිසා Vitamin supplementsලබා ගැනීමට පෙර වෛද්‍ය නිර්දේශය අනිවාර්යය වෙනවා .

ඉහත සඳහන් කරන ලද විටමින් වර්ග අඩංගු මිශ්‍රිත සමබර ආහාර වේලක් ලබා ගැනීම තුළින් මිනිස් සිරුර තුළ ඇති විය හැකි සියලුම සෞඛ්‍ය ගැටලු මඟහරවා ගත හැකියි. එමෙන්ම ශරීර පද්ධතියන්හි වර්ධනය සඳහා විටමින් හා මිනරල් වර්ග ඉතාම වැදගත් කාර්ය භාර්යයක් ඉටුකරන බැවින් නැවුම් පලතුරු, එළවළු, පලා වර්ග සහ ධාන්‍ය වර්ගවලින් දිනකට අවම වශයෙන් වර්ග 5ක් වත් තම ආහාර වේලට එකතු කර ගැනීම මඟින් ඔබගේ vitamin අවශ්‍යතාවය සම්පුර්ණ කරගන්න පුළුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!