එක දිගට පැය 6ක් බඩගින්නේ හිටියොත් සිරුරට වෙන දේ

කාර්යබහුල ජීවිතයත් සමඟ ගොඩක් අයට කන්න බොන්න වෙලාවක් නැහැ. තවත් සමහරු ඉන්නවා තරබාරුකම අඩු කරගන්න කෑම නොකා ඉන්න අය. හැබැයි බඩගින්නේ හිටියා කියලා ඇඟ නම් අඩු කරගන්න බැහැ. ඒත් එකදිගට පැය 6ක් බඩගින්නේ හිටියොත් ඔබේ සිරුරට වන දේ හිතාගන්නවත් බැරිවෙයි. ඉතින් අද Share Care අරගෙන ආවේ එක දිගට පැය 6ක් බඩගින්නේ හිටියොත් සිරුරට වෙන දේ ගැනයි

සීනි මට්ටම බිඳ වැටෙනවා

සිරුරේ පැවැත්මට ශක්තිය අත්‍යාවශ්‍යයි. සිරුරට අවශ්‍ය ශක්තිය අවශෝෂණය කර ගන්නේ සිරුරේ තැම්පත් වෙලා තියෙන ග්ලූකෝස් සහ සීනි වලින්. මෙහෙම ලබා ගන්නා සීනිවලින් ඔබගේ මොලයට හා රතු රුධිරාණු සෛලවල ක්‍රියාකාරිත්වයට වගේම මාංශ පේෂීවලටත් ශක්තිය සැපයෙනවා. ඔබ බඩගින්නේ ඉන්න විට මුල් පැය කීපය තුළදී අපහසුවක් නොදැනෙන්නේ ඒ නිසයි. හැබැයි වැඩි වේලාවක් බඩගින්නේ ඉද්දී ඔයාගේ ශරීරයේ සීනි මට්ටම අඩු වෙනවා.

සිරුරේ තියෙන මේදය බිඳ වැටෙනවා

සාමාන්‍යයෙන් පැය 06 ක් 07 ක් බඩගින්නේ සිටින විට සිරුරේ තියෙන මේදය බිඳ වැටෙනවා. සිරුරේ බර වැඩි අයට නම් බර අඩු කර ගන්න මේ අවස්ථාව හොඳයි. සිරුරේ තැම්පත්ව තියෙන සීනි භාවිතයට ගත්තට පස්සේ ඔයාගේ සිරුරේ තැම්පත් වෙලා තියෙන මේදය ප්‍රයෝජනයට ගන්නවා. හැබැයි කෙට්ටු වෙන්න නිරාහාරව ඉන්නේ නැතුව කාබෝහයිඩ්රේට් අඩු ආහාර ලබා ගැනීමෙනුත් සිරුරේ බර අඩු කරගන්න පුළුවන්.

කොලෙස්ටරෝල් සහ යුරික් අම්ලය සිරුරෙන් ඉවත් කෙරෙනවා

බඩගින්නේ සිටින විට සිරුරේ විෂ හරණ ක්‍රියාවලියේදී ශරීරයේ කොලෙස්ටරෝල් සහ යුරික් අම්ලයෙන් පිරිසිදු වෙනවා. මේ වගේ වේලාවකදී ඔයාගේ රුධිර පීඩනය මදක් පහළ වැටෙන අතර හිසේ කැක්කුම, කරකැවිල්ල, මහන්සි ගතිය, සමේ ලප ඇති වීම, මාංශ පේශීවල වේදනා ඇති වීම, සන්ධිවල වේදනා ඇති වීම වැනි තත්වයන් ඇති වෙනවා.

අහිතකර හැගීම් දැනීම

ඔබ එක දිගට පැය 6ක් පමණ නිරාහාරව හිටියොත් කුසගිනි දැනීම සමාන්‍ය දෙයක්. හැබැයි ඒත් ඔබට තරහව, අපේක්ෂා භංගත්වය, දුක සහ මානසික ආතතිය වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැඟීම් සමඟ ඔබ පරිස්සමෙන් කටයුතු කරන්න වග බලාගන්න. මොකද ඔබේ අහිතකර හැඟීම් දැනීම් නිසා අන්අයට හිරිහැර වෙන්න පුළුවන්.

නිරාහාරව ඉන්න එකෙන් සිරුරට වාසි වගේම අවාසිත් සිද්ධ වෙනවා .ඉතින් ඒ නිසා අත්‍යවශ්‍යම කරුණකට හැරුණු කොට වැඩි වෙලාවක් නිරාහාරව සිටීමෙන් වළකින්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!