ඇඟේ පලු මතුවෙලා ඇස් රතු වෙන්නේ ඇයි

අපි නිරන්තරයෙන් ශරීරයේ පැවැත්මට ආහාර ගන්නවා. හිතාමතා හෝ නොදැනීම විවිධ දේ ගඳ සුවඳ බලන්නට සිදු වෙනවා. ඒ විතරක් නොවෙයි අපේ ශරීරයේ විවිධ දෑ තැවරෙනවා. සාමාන්‍ය තත්ත්වය තමයි කෑවට, බිව්වට, ගද සුවඳ ආඝ‍්‍රානය කළාට ඒ වගේම ශරීරයේ යමක් ස්පර්ශ වුණාට එයට අහිතකරව ශරීරයෙන් ප‍්‍රතික‍්‍රියාවක් ඇති වෙන්නේ නැහැ .ඒත් සමහර අයට තත්ත්වය වෙනස් වෙනවා. පරිසරයේ ඇති දේ නිසා රෝග ලක්ෂණ පහළ වෙනවා. එය තමයි අපි ‘‘ආසාත්මිකතාවය’’ යනුවෙන් හඳුන්වන්නේ.
ආසාත්මිකතා එහෙමත් නැත්තනම් allergy එකක් යනු harmless foreign substance එකක් ඔබේ සිරුරට ඇතුල් වුනාම immune system එකෙන් දෙන reaction එක.
ඔබේ immune system එක හැදිලා තියෙන්නේ ඔබ ඉන්න පරිසරයට ගැලපෙන විදියට .ඒ වගේම immune system එකෙන් කරන්නේ හානිකර රෝගකාරක සමග සටන් කර ඔබව නිරෝගිව තබා ගැනීමයි.එම නිසා ඔබේ සිරුර අනතුරේ දාන්න පුළුවන් කියලා හිතන ඕනෙම දේකට attack කරන්න immune system එක පෙළඹෙනවා .Allergy reaction විදියට දැවිල්ල, කිවිසුම් යාම හෝ වෙනත් රෝග ලක්ෂණ ගොඩක් ඇතුලත් වෙන්න පුළුවන්.

Allergies වල රෝග ලක්ෂණ

Food allergies
උගුර ඉදිමීම
ඔක්කාරය
තෙහෙට්ටුව
පලු දැමීම

Seasonal allergies
හෙම්බිරිස්සාව
නහයේ බර ගතිය
නහය හිර වීම
ඇස් ඉදිමීම

Severe allergies (දරුණු ආසාත්මිකතා)
හුස්ම ගැනීමේ අපහසුව
හිසරදය
සිහි නැතිවීම
මේ allergy තත්වය anaphylaxis වලට හේතුවක් වෙන්නත් පුළුවන්.මේ type එකේ allergy reactions තියෙනවනම් ඉක්මනටම වෛද්‍යවරයෙක් ලගට යන්න ඕනේ.මොකද severe allergies ඔයාගේ ජිවිතයට තර්ජනයක් වෙන්න වුනත් පුළුවන් නිසා

Skin allergies

Skin allergies වර්ග

Rashes: Skin එකේ තැනින් තැන ඉදිමීම,රතු වීම,වේදනාකාරී කැසීම් ඇති වෙනවා.
Eczema: අපි දද කියලා කියන්නේ මේවට තමා.skin එක ඉදිමිලා කසන්න ගන්නවා වගේම ලේ ගැලිමක්ද වෙන්න පුළුවන්.
Contact dermatitis: Allergy එකක් වුණ ගමන්ම skin එක රතු වෙලා කසන්න පටන් ගන්නවා.
Sore throat: උගුර වණ වීම කියන්නෙත් මේකට තමා.
Hives: skin එකේ තැනින් තැන පලු දාලා කසන්න පටන් ගන්නවා.
Swollen eyes: ඇස් වලින් කදුළු ගැලීම,ඇස් ඉදිමීම වෙන්න පුළුවන්
Itching: skin එකේ දැවිල්ලක් ඇති වෙනවා .
Burning: skin එක පිච්චෙනවා වගේම දුර්ගන්ධයක් එනවා.

Allergy වලට හේතු

Harmless foreign substance එකක් ඔබේ සිරුරට ඇතුල් වුනාම immune system එකෙන් දෙන reaction එක තමා allergy එකක් කියලා කියන්නේ .ඒත් හැම allergy එකකටම හේතුව ඒක නෙමෙයි .
සමහර allergies වලට ජානමය තත්වත් බලපානවා. ඒ කියන්නේ ඔබේ අම්මට හරි තාත්තට හරි allergy එකක් තියෙනවනම් ඔබටත් ඒ දේවල් allergy වෙන්න තියෙන ඉඩ වැඩි කියන එක.

පොදුවේ allergens වෙන දේවල්

Animal products : සුරතල් සතුන්,dust mite waste සහ කැරපොත්තන්
Drugs: Penicillin සහ sulfa drugs
Foods: Wheat, nuts, milk, shellfish, සහ egg
කෘමි දෂ්ට කිරීම : මී මැස්සෝ , බඹරුන් සහ මදුරුවෝ
පැල : තණකොළ, වල් පැලෑටි, පරාග, විෂ ඕක් වගේ ගස් වල දුම්මල
Seasonal allergies: ගොඩක් දෙනෙක්ට තියෙන allergy තත්වයක් .මේවා සිදුවන්නේ ශාකවලින් නිකුත් කරන පරාග නිසා .
ඇස් කැසීම ,ඇස් වලින් කදුළු ඒම ,නහයේ බර ගතිය ,කිවිසුම් යාම වෙන්න පුළුවන්.

Allergy treatments
Allergy වලට තියෙන හොදම treatment එක තමයි තමන්ට allergy වෙන දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක.
එහෙම කරන එක අමාරුයි නම් ඔබට මේ treatments ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි .

බෙහෙත්
ඔබේ allergy reaction control කරන්න ගොඩක් වෙලාවට antihistamines වගේ බෙහෙතක් use කරන්න පුළුවන්.ඒත් ඔබට තියෙන allergy එකේ severity එකත් එක්ක doctor දෙන බෙහෙත් වෙනස් වෙනවා.

Allergy medications

Antihistamines (Benadryl)
Corticosteroids
cetirizine (Zyrtec)
Loratadine (Claritin)
Cromolyn Sodium (Gastrocrom)
Decongestants (Afrin, Suphedrine PE, Sudafed)

Immunotherapy
Allergies තියෙන ගොඩක් අය තෝරාගන්න treatment එකක් තමයි Immunotherapy කියන්නේ.මේකෙදි වෙන්නේ allergies වලට හුරු වෙන්න, අවුරුදු කීපයක් එකදිගට injection ලබාදෙන එක.ඇත්තටම මේක succsues treatment එකක්.Allergy reaction එන එක සම්පුර්ණයෙන්ම නතර කරලා දාන්න හැකියාවක් Immunotherapy වලට තියෙනවා.

Allergy වලට natural remedies

Natural remedies කියන්නේ ඇත්තටම ගොඩක් හොද treatment එකක් වගේම allergy වෙන එක නවත්තගන්න පුළුවන් easy way එකක්.ඒත් ඔබ මේ දේවල් use කරන්න කලින් doctor කෙනෙක්ගෙන් අහලා ඉන්න එක කෝකටත් හොදයි.මොකද සමහර natural දේවල් වලින් ඔබේ allergy තත්වය වැඩි වෙන්න පුළුවන්.
example එකක් විදියට essential oils වලින් සමහර allergy reaction අඩු වෙනවා වගේම සමහර reaction වැඩි වෙන්න පුළුවන්.

Allergy එකක් තියෙනවද කියලා හොයාගන්නේ කොහොමද ?

Blood test
blood වල immunoglobulin E (IgE) level එක check කරලා ඔබේ ඇගේ allergy එකක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්.

Skin test
ඔබේ skin එකට පොඩි ඉදිකටු වලින් allergy වෙන්න පුළුවන් දේවල් ඇතුල් කරලා බලන එක තමයි skin test එකේදී වෙන්නේ.මොකක් හරි දේකට allergy එකක් පෙන්නවනම් රතු වෙලා ඉදිමෙනවා.

ඇතැම් විට කලාතුරකින් යමෙක් යම් ද්‍රව්‍යයකට ඉතාමත් සංවේදී නම් ඒ නිසා හටගන්නා අසාත්මිකතාවයට ශරීරය දක්වන ප්‍රතික්‍රියාව ඉතා දරුණු එකක් විය හැකිය. එමඟින් ශරීරය කම්පනයට පත්කළ හැකිය. පෙනිසිලින් ඉන්ජෙක්ෂන් විසවීමෙන් රෝගීන් මිය ගොස් ඇත්තේ එවැනි භයානක අසාත්මික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ඕනෑම අයකු තුළ ඕනෑම වේලාවක ඕනෑම ද්‍රව්‍යයකට අසාත්මිකතාවයක් ඇතිවිය හැක.
එම නිසා ඔබට allergy වෙන ද්‍රව්‍ය වලින් ඈත්ව සිටීම ඔබ සතු වගකීමකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!