දරුවන් ලෙඩ කරන පණු රෝග

ඇහැක් වගේ පරිස්සම් කරන දරුවන් ලෙඩ වුණාම වැඩිපුරම බය වෙන්නේ අම්මලා. ඒත් ඇතැම් වෙලාවට පාසලට හෝ ළඳරු පාසලට යාමට ඇති අකමැත්ත නිසා යොදාගන්නා උපක්‍රමයක් සේ සලකා ඇතැම් මව්වරු දරුවන්ගේ මේ පොඩි පොඩි බඩේ ලෙඩ නොසලකා හරින්නත් පුළුවන්. කෙසේ වුවත් බඩේ ලෙඩවලට මුල් වන්නේ පණුවන් නම් පණුවන් නිසා ඇතිවන බඬේ ලෙඩ නොසලකා එතරම් හොඳ වැඩක් නම් නොවෙයි.දරුවාගේ ශරීරයේ අන්ත්‍රවල විවිධ හැඩයේ හා ප්‍රමාණයේ පණුවන් විවිධ ප්‍රමාණවලින් ජීවත් විය හැකියි. පණුවන් දරුවා ගන්නා ආහාර මත යැපෙමින් එයින් පෝෂණය වන අතර දරුවාගේ ශරීරයේ විවිධ රෝග තත්ත්ව ඇති කරයි. අද Share Care තුළින් ඔබ වෙත ගෙන ආවේ දරුවන් අතර වඩාත් බහුල පණු රෝග ලෙස හදුන්වන පටපණු, වට පණු, කිරි පණු හා කොකුපණු යන තත්ත්වයන් පිලිබදවයි .

පණුරෝග වැළදීමට හේතු

  • පණු හෝ පණු බිත්තරවලින් ආසාදනය වූ දේ වලින්
  • එළිමහනේ හෝ පිට්ටනිවල සෙල්ලම් කරන විට පණු හෝ පණු බිත්තර ආසාදිත පස් හෝ දූවිලි අතපත ගෑමෙන්
  • බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන් හෝ ඔවුන්ගේ මල ද්‍රව්‍ය ස්පර්ශ වීමෙන්
  • හොඳින් අත් නොසේදීම
  • අත්වල නියපොතු අතර රැඳී සිටින සියුම් දූවිලි අංශූ නිසා
  • මනා සෞඛ්‍යාරක්‍ෂිත විධි නොපිළිපැදීම
  • කිළිටි ඇඳ ඇතිරිලි හා යට ඇඳුම් භාවිතය
  • ආසාදිත ආහාර හා වතුර මගින්
  • අමුවෙන් හෝ අර්ධ වශයෙන් පිස ආහාර මගින්

පණු රෝගයකදී සාමාන්‍ය ලක්‍ෂණ

  • උණ
  • ශරීරයේ පැහැය වෙනස් වීම
  • උදරයේ වේදනාව
  • හෘදයේ වේදනාව
  • ඇඟපත අප්‍රාණික බව
  • කරකැවිල්ල
  • ආහාර අරුචිය
  • අතීසාරය

කිරි පණු ආසාදනයක ලක්‍ෂණ

  • කිරි පණුවා රාත්‍රි කාලයට ගුද විවරය ආශ්‍රිතව බිත්තර දැමීම නිසා ගුදය අවට ඇති වන කැසීම
  • නින්ද අඩුවීම
  • මුත්‍රා පිටකිරීමේදී ඇති වන වේදනාව
  • ශරීරයේ බර අඩුවීම
  • ආහාර අරුචිය
  • වරින් වර ඇතිවන උදරයේ වේදනා

වට පණු ආසාදනයක ලක්‍ෂණ

  • අතීසාරය
  • මළ සහ වමනය සමග වට පණුවන් පිටවීම
  • උණ සමග එන වියළි කැස්ස
  • උදර වේදනාව
  • ඔක්කාරය
  • ශරීරයේ බර අඩුවීම

කොකු පණු ආසාදනයක ලක්‍ෂණ

  • කැස්ස
  • හතිය/හුස්ම ගැනීමේ අපහසුව
  • රක්තහීනතාව
  • නිතර දැනෙන මහන්සිය
  • උදරයේ වේදනා
  • ඔක්කාරය
  • මළ සමග රුධිරය පිටවීම
  • ආහාර අරුචිය
  • කැසීම සහිත දද

පටි පණු ආසාදනයක ලක්‍ෂණ

  • ඔක්කාරය හා වමනය
  • ආහාර අරුචිය ඇතැම් විට අධිකව ආහාර ගැනීම
  • බර අඩුවීම
  • ඇස්වල, නිය ,අත්ලවලහා සමෙහි කහ පැහය
  • ශරීරය දුර්වල වීම
  • විටමින් ඌනතා
  • උදර වේදනා

පණු රෝග වලින් ආරක්ෂා වීමට

  • විවෘත ස්ථාන වන ගංඟා, වැව්, ඇළදොළ ආදියෙන් ජලය පානය නොකිරීම
  • හොඳීන් උතුරවා නිවාගත් ජලය පානය කිරීම
  • පරිසරයෙහි ඇවිදින විට පාවහන් භවිතය
  • හොදින් පිසූ එළවළු භාවිතය
  • වැසිකිළි භාවිතයේ දී සබන් ගා හොඳීන් අත් සෝදා ගැනීම
  • කුඩා දරුවන්ගේ පිරිසිදු බව ගැන සැළකිලිමත් වීම
  • පවුලේ සෞඛ්‍යය පිළිබඳව සැළකිලිමත් වීම
  • එක් අයෙකුට පණු රෝග වැළඳී තිබුණහොත් පවුලේ සියලු දෙනාගේම සෞඛ්‍යයට මෙය බලපානු ඇත. එහෙයින් පවුලේ සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුව කටයුතු කළ යුතුයි.

පණු රෝග සඳහා සුදුසු ආහාර

  • ගොටුකොළ (වැල් ගොටුකොළ කිරිමුල් සමඟ) ලියා රතුළූණු මිශ්‍ර කර සම්බෝලය සාදා දෙන්න.
  • ගොටුකොළ සහ මුලින් ගෙන හොඳින් කොටා ඉස්ම මේස හැඳි තුන හතරක් පමණ ගෙන වළඟ සහල් කුඩු ස්වල්පයක් දමා හිස්බඩ බොන්න දෙන්න.
  • එරබදු දළු හෝ කොළ මිටක් එකතු කර මැල්ලුම සාදා කෑමට දෙන්න.

ප්‍රතිකාර ක්‍රම කොපමණ තිබුණත් ඒවා නිවසේදී අත්හදා බලනවාට වඩා මෙවැනි රෝග හමුවේ ඔබ සුදුසුකම් ලත් වෛද්‍යවෙරයෙකු වෙත දරුවා ගෙන යාම වඩාත් සුදුසු බව සලකන්න. මෙවැනි රෝග දරුවන් කරා ඒමට පෙර ඔබ දරුවාගේ නිරෝගිකමට අවශ්‍ය රැකවරණය ඇත්දැයි සොයා බැලීම වඩාත් වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!